රුසියානු යානය බිම හෙලු ප්‍රදේශයට බෝම්බ වරුෂාවක් දමා විනාශ කරයි - SANDHA HIRU NEWS

Breaking

Friday, November 27, 2015

රුසියානු යානය බිම හෙලු ප්‍රදේශයට බෝම්බ වරුෂාවක් දමා විනාශ කරයි

තුර්කි ප‍්‍රහාරක යානා විසින් එල්ල කළ මිසයිල ප‍්‍රහාරයකින් රුසියානු Su-24 ප‍්‍රහාරක යානය කඩා වැටුණු ප‍්‍රදේශයේ ත‍්‍රස්තවාදී කණ්ඩායම්වලට එරෙහිව දැවැන්ත ප‍්‍රහාරයක් එල්ල කර ඇතැයි වාර්තා වේ.
රුසියානු ආරක්‍ෂක අමාත්‍යාංශ ප‍්‍රකාශක ඉගෝර් කොනෂෙන්කොව් පවසා ඇත්තේ අනතුරට පත්වූ තම නියමුවා ආරක්‍ෂාකාරීව ඉවත් කරගත් විගස එම කලාපයට රුසියානු යානා විසින් දැවැන්ත බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කළ බවයි.
සිරියානු හමුදාවද එම ප‍්‍රදේශයට ෂෙල් ප‍්‍රහාර එල්ල කළ බව ඔහු පවසා තිබේ. මින් එහි කටයුතු කළ ත‍්‍රස්තවාදීන් ඇතුළු අනෙක් අභිරහස් කණ්ඩායම් මියගොස් ඇති බවද කොනෂෙන්කොව් සඳහන් කර ඇත.
මේ අතර ඔහු දක්වා ඇත්තේ රුසියානු යානයට පහරදීම පිළිබඳ දත්ත හෝ තුර්කි යානය හා රුසියානු යානය අතර සිදුවූ රේඩියෝ සන්නිවේදන හෝ තුර්කිය විසින් ලබාදී නොමැති බවයි.
විවිධ මාධ්‍ය විසින් වාර්තා කළ අනතුරු හැගවීම් පිළිබඳ පුවත ව්‍යාජයක් බව මින් තහවුරු වන බවද මාධ්‍ය ප‍්‍රකාශකවරයා පවසා තිබේ.
තුර්කිය සමග මිලිටරි සහයෝගිතාවය පිළිබඳව පැවති සියලූ මාර්ග අත්හිටවූ බවද රුසියානු ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් නිවේදනය කර තිබේ. තුර්කියේ සිටි රුසියානු හමුදා නියෝජිතයාද ආපසු කැඳවා ඇතැයි වාර්තා වේ.
ලටාකියාහි ක්මෙයිමිම් කඳවුර S-400SAM ගුවන් ආරක්‍ෂණ පද්ධතියකින් සන්නද්ධ කිරීමටද රුසියාව කටයුතු කර ඇත.

No comments: