නීතිය අතට ගත් පිරිසක් බෙලිඅත්ත රෝහලට කඩා වැදී හමුදා සෙබළෙකුට පහර දෙති - SANDHA HIRU NEWS

Breaking

Sunday, November 22, 2015

නීතිය අතට ගත් පිරිසක් බෙලිඅත්ත රෝහලට කඩා වැදී හමුදා සෙබළෙකුට පහර දෙති

දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් තුවාල ලබා රෝහල්ගතව සිටි පුද්ගලයෙකු සොයා පැමිණි පිරිසක් වෙනත් රෝගියෙකුට පහර දී පලා යාමේ සිද්ධියක් බෙලිඅත්ත රෝහලින් වාර්තා වී තිබේ.
තංගල්ල, ගොයම්බොක්ක ප්‍රදේශයේදී ඇති වූ ආරවුලකින් තුවාල ලැබූ පුද්ගලයෙකු රෝහල්ගත වූයේ පෙරේදා රාත්‍රියේදී ය.
අදාළ පිරිස එම පුද්ගලයා සොයා රෝහලට කඩා වැදී ඇත්තේ, ඊයේ උදෑසනදී ය.
තමන් සොයා ආ පුද්ගලයා බවට අනුමාන කොට ඔවුන් එහීදී පහර දී ඇත්තේ, උණ රෝගය හේතුවෙන් රෝහල්ගතව සිටි ගුවන් හමුදා සාමාජිකයෙකුට ය.
පහර දීමටට ලක් වු රෝගියා වැඩිදුර ප්‍රතිකාර සඳහා තංගල්ල රෝහලට මාරු කර යවා තිබේ.

No comments: