“යතුරුපැදි සහ ත්‍රිරෝද රථ සඳහා දුම් පරීක්ෂණ ගාස්තුවේ වැඩිවීමක් නැහැ” – මුදල් ඇමති - SANDHA HIRU NEWS

Breaking

Monday, November 23, 2015

“යතුරුපැදි සහ ත්‍රිරෝද රථ සඳහා දුම් පරීක්ෂණ ගාස්තුවේ වැඩිවීමක් නැහැ” – මුදල් ඇමති

යතුරුපැදි සහ ත්‍රිරෝද රථ සඳහා දුම් පරීක්ෂණ ගාස්තු වැඩිවීමක් සිදු නොකරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
අමාත්‍යවරයා ඒ බව පැවසුවේ, අද පාර්ලිමේන්තුවේදී ය.
ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අදහස් දක්වමින් සිටි අවස්ථාවේ නැගී සිටිමින් මුදල් අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ ය.
යතුරු පැදි සහ ත්‍රීරෝද රථ සඳහා දුම් පරීක්ෂණ ගාස්තු වැඩිවීමක් සිදුවන බවට අසත්‍ය ප්‍රචාරයක් පැතිරෙමින් ඇති බව ත් එය නිවැරදි කළ යුතු බව ත් පවසමින් මුදල් අමාත්‍යවරයා එම කරුණු පැහැදිලි කිරීම සිදු කළේ ය.
අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, දුම් පරීක්ෂණ ගාස්තු ඉහළ දමා ඇත්තේ, රෝද හතරේ වාහන සඳහා බව ය.

No comments: