අධික පිරිසක් ඝාතනය කරලා
නගරය පුරා බෝම්බ ප්‍රහාර හා වෙඩි ප්‍රහාර
රටේ හදිසි තත්වයක්, මියගිය අයගේ සිරුරු සීසීකඩ
නගරය පුරා බෝම්බ ප්‍රහාර හා වෙඩි ප්‍රහාර
රටේ හදිසි තත්වයක්, මියගිය අයගේ සිරුරු සීසීකඩ
නොසිතූ මොහොතක ප්‍රංශයේ පැරිස් අගනුවරට ප්‍රබල ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා. වෙඩි ප්‍රහාර මාලාවකින් සහ Stade de France ප්‍රදේශයේ පිපිරීම් කිහිපයක් සිදුව ඇති අතර ඉන් පුද්ගලයින් 150කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
එමෙන්ම ප්‍රංශයේ බත්කලාන් රඟහල අසලදී 15කට අධික ප්‍රමාණයක් ඝාතනයට ලක්කර තිබෙන බවටද වාර්තා වෙනවා. පැරිස් නගරයට කඩාවැදුණු ත්‍රස්තයින් 100කට ආසන්න පිරිසක් ප්‍රාණ ඇපකරුවන් ලෙසින් රඳවාගෙන සිටින බවද සඳහන්. බත්කලාන් මධ්‍යස්ථානයේ විශාල පිරිසක් සිට ඇති අතර, පිරිසක් තුවක්කුකරුවන්ගෙන් මිදී පලාගොස් තිබෙනවා.
අගනුවර Stade de France ප්‍රදේශයේ අවන්හලක් අවට පිපිරීම් කිහිපයක්ද වාර්තා වාර්තා වී තිබෙන අතර භෝජන ශාලාවකට තුවක්කුකරුවකු එල්ල කල වෙඩි ප්‍රහාරවලින් කිහිප දෙනකු තුවාල ලැබා තිබෙනවා.
ත්‍රස්තවාදී ප්රහාරයන් සමග රටේ සියලුම දේශසීමා වසා දමන ලෙස ජනාධිපතිවරයා නියෝග කර තිබෙනවා. එමෙන්ම නිවෙස් තුල රැඳී සිටින ලෙස ජනතාවට දැනුම් දී ඇති අතර ජනාධිපති ප්‍රන්ශුවා ඔලෝන්ද් රටේ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
No comments:
Post a Comment