මෙවර සා/පෙළ විභාගයට පෙනී සිටින අපේක්ෂකයින්ට දැනුම් දීමක් - SANDHA HIRU NEWS

Breaking

Saturday, November 28, 2015

මෙවර සා/පෙළ විභාගයට පෙනී සිටින අපේක්ෂකයින්ට දැනුම් දීමක්

මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින අපේක්ෂකයින්ගේ ප්‍රවේශ පත්‍රවල සංශෝධන ඇත්නම් ඒ පිළිබඳව ලබන පළමු වන දාට පෙර දැනුම් දෙන ලෙස විභාග කොමසාරිස් දෙපාර්තමේන්තුව පවසයි.
විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා පැවසුවේ, එවැනි සංශෝධන පාසල් විභාග සංවිධාන ශාඛාව වෙත යොමු කරන ලෙස ය.
ඒ සඳහා 1911 හෝ 0112784208, 0112784537 යන දුරකතන අංක අමතන ලෙස ද විභාග කොමසාරිස් ජනරාල්වරයා දැනුම් දෙයි.
ඔහු පැවසුවේ, මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ සියලු ප්‍රවේශ පත්‍ර මේ වන විට තැපැල් මගින් විභාග අපේක්ෂකයින් වෙත ලැබීමට සලස්වා ඇති බව ය.
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අපේක්ෂකයින් 664,537ක් ඉදිරිපත් වීමට නියමිතව තිබේ.
අයදුම්කරුවන් අතරින් 403,442 දෙනෙකු පාසල් අයදුම්කරුවන් වන අතර පෞද්ගලික අයදුම්කරුවන් සංඛ්‍යාව 260,895කි.
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් 08 වන දා ආරම්භ වීමට නියමිත ය.

No comments: