අනුරාධපුර යන්නේ දේශපාලන පක්ෂ පිහිටුවන්න නෙවෙයි - SANDHA HIRU NEWS

Breaking

Tuesday, November 17, 2015

අනුරාධපුර යන්නේ දේශපාලන පක්ෂ පිහිටුවන්න නෙවෙයි

තමන්ගේ උපන්දිනය යෙදී ඇති හෙට අනුරාධපුර යන බවත්, එසේ යන්නේ දේශපාලන පක්ෂ පිහිටුවීමට නොවන බවත්, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
උපන්දිනය සැමරීම නිමිත්තෙන් සෑම වසරකම සංවිධානය කරන ආගමික කටයුතු සඳහා එසේ තමන් අනුරාධපුරට යන බව ඒ මහතා කියයි.

මෙවර එම කටයුතු ඒකාබද්ධ විපක්ෂය විසින්  සංවිධානය කරන බවද හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ 70 වැනි ජන්ම දිනය යෙටට යෙදී තිබේ.
ඒ නිමිත්තෙන් අද  තංගල්ල කාල්ටන් මිතුරු සමාජයේ මෙහෙයවීමෙන් සර්ව ආගමික වතාවත් සහ උපන්දින කේක් කැපීම කාල්ටන් නිවස ඉදිරිපිට දී සිදුවූ අතර මාධ්‍යවේදීන් අමතමින් හිටපු ජනපති ඉහත අදහස් පළ කළේය.

No comments: