ෆෝන් එකෙන් කෝල් ගත්ත අයගේ විස්තර හොයන්න සැමියා ගිය නිසා බිරිඳ නිල්වලා ගඟට පනී - SANDHA HIRU NEWS

Breaking

Tuesday, November 17, 2015

ෆෝන් එකෙන් කෝල් ගත්ත අයගේ විස්තර හොයන්න සැමියා ගිය නිසා බිරිඳ නිල්වලා ගඟට පනී

පාළම ළඟ අඬ අඬා ඉඳලා,
පැන්න ගමන් මැරෙන්න බය නිසාදෝ ආයෙත් ගොඩ පීනලා..
තමන්ගේ දුරකථනයෙන් ඇමතුම් ලබාගත් අයගේ විස්තර සොයාගන්නට සැමියා සැරසුණු නිසාවෙන් නිල්වලා ගඟට පැන දිවිනසාගන්නට තැත්කළ කාන්තාවක්, ගඟට පැනීමෙන් පසුව මියයන්නට බිය සිතීදෝ නැවත ගොඩට පීනා පැමිණි පුවතක් පිළිබඳව මාතර ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.
ඇය මෙලෙස දිවිනසාගන්නට තැත්කර ඇත්තේ මාතර මහානාම සමරවීර පාලමෙන් පැණීමෙන් වන අතර ඇය එක් දරුව මවක් බවටද තොරතුරු වාර්තා වෙනවා.
වාර්ෂාව අධික කාලයක් නිසාවෙන් ගඟේ ජලපහරද වැඩියෙන් තිබී ඇති අතර පාලම අසල හඬමින් සිටි ඇය එකවරම ගඟට පැන්න බවයි සිද්ධිය ඇසින් දුටු අයෙකු අප හමුවේ පවසා තිබුණේ. එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක්ද ඔහු ලබාගෙන අපවෙත ඒවා තිබුණු අතර කාන්තාව බේරාගැනීමට කිසිවෙකු ඉදිරිපත් නොවූ බවයි ඔහු පවසා සිටියේ.
ගඟට පැන්නද ඇය පිහිනීමට හැකියාව ඇති කාන්තාවක් බව අවට සිටි පිරිස් දැනගත්තේ ඇය ගිලෙන්නට යන අවස්ථාවේ අත් පා ගහමින් ගං ඉවුරට පිහිනීමට උත්සාහ කළ නිසාවෙනුයි.
ඇය මිනිත්තු 10ක් පමණ මෙලෙස ගඟ මැද සිට ගං ඉවුරට පිහිනා පැමිණ ඇති අතර පසුව එම ස්ථානයේ සිටි පුද්ගලයෙකු හා හමුදා නිලධාරියෙකු විසින් ඇයව ගොඩට ගෙන වාහනයක දමා රෝහල වෙත යවා තිබෙනවා.

No comments: