සේයා සඳෙව්මි ඝාතනයේ සැකකරුවන වන කොණ්ඩයාගේ අයියා හෙවත් සමන් ජයලත් එළඹෙන දෙසැම්බර් මස 7 වන දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
සැකකරු අද දින (16) මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙලෙස යළි රක්ෂිත බන්ධනාගාර කළ බව අද දෙරණ වාර්තාකරු පවසයි.
මහත් ආන්දෝලනයට තුඩුදුන් සේයා සඳෙව්මි ඝාතනය වෙනුවෙන් සැකපිට මීට පෙරාතුව කොණ්ඩයා හෙවත් දුනේශ් ප්‍රියශාන්ත නමැති අයත්, අසල්වැසි 17 හැවිරිදි සිසුවෙකුත් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත දින ගණනාවක් තබා ගන්නා ලදී.
කොණ්ඩයා නමැති අය තමා විසින් එකී දැරිය පැහැරගැනීම හා ඝාතනය කිරීම සම්බන්ධයෙන් පාපොච්චාරණයක් කළ බවට එවක පොලීසිය විසින් මාධ්‍යයට ප්‍රකාශ කරන ලද නමුත් ඔහුගේ ඩී.එන්.ඒ සාම්පල් සැසඳුනේ නැත.
පසුව ඔහුගේ සොහොයුරා වන සමන් ජයලත් යන අයගේ ඩී.එන්.ඒ සාම්පල් දැරියගේ සිරුරේ පැවති ආගන්තුක පටක සමග සැසඳීම හේතුවෙන් හා තමා විසින් එකී අපරාධය සිදුකළ බවට හෙතෙම පිළිගන්නා ලද හෙයින් තවදුරටත් පරීක්ෂණ සිදුකිරීම සඳහා අධිකරණ නියෝග මත රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.
කෙසේ වෙතත් අද දින සැකකරු යළි අධිකරණයට ඉදිරිපත් කරනු ලදුව ලබන 07වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
Tuesday, November 17, 2015
කොණ්ඩයාගේ අයියා යළි රිමාන්ඩ්!
Tags
# SINHALA NEWS
About SANDHA HIRU NEWS
SINHALA NEWS
Tags:
SINHALA NEWS
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment