අර්බුදය තවදුරට ත් ත්‍රීව්‍ර කරමින් රුසියාවෙන් තුර්කියට සම්බාධක - SANDHA HIRU NEWS

Breaking

Monday, November 30, 2015

අර්බුදය තවදුරට ත් ත්‍රීව්‍ර කරමින් රුසියාවෙන් තුර්කියට සම්බාධක

ලෝක දේශපාලනය උණුසුම් කරමින් පසුගිය දා හටගත් රුසියා – තුර්කි අර්බුදය තවමත් අවසන් ව නොමැත.
එහි නවතම තත්ත්වය වන්නේ, තුර්කියට එරෙහිව සම්බාධක පනවන ලෙස රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් නියෝග කර තිබීම ය.
රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් අත්සන් තැබූ එම නියෝගයට අනුව තුර්කියෙන් භාණ්ඩ හෝ සේවා ආනයනය කිරීම, තුර්කි සමාගම්වලට රුසියාවේ ක්‍රියාත්මක වීම සහ රුසියානු සමාගම්වලට තුර්කි ජාතිකයින් සේවය කිරීම තහනම් කෙරෙනු ඇති.
මීට සමගාමීව දෙරට අතර ගුවන් ගමන් ද නතර කෙරෙනු ඇති.
මෙය ජාතික ආරක්ෂාව වෙනුවෙන් ගත් තීරණයක් බව රුසියානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.
තුර්කිය සිය ගුවන් සීමාව උල්ලංඝණය කළ බව පවසමින් පසුගිය සතියේ රුසියානු යුධ යානයකට වෙඩි තබා බිම හෙළීම මෙම සම්බාධක පැනවීමට හේතුවයි.
සිය ගුවන් සීමාව උල්ලංඝණය කළ බව පවසමින් පසුගිය අඟහරුවා දා තුර්කිය විසින් රුසියානු ප්‍රහාරක ජෙට් යානයක් පහර දී බිම හෙළී ය.
එහිදී යානය කඳුකර ප්‍රදේශයකට කඩා වැටුණු අතර යානයේ සිටි නියමුවන් දෙදෙනා පැරෂුට් ආධාරයෙන් යානයෙන් පැන තිබිණ.
කෙසේ වෙතත් යානයේ සිටි සහය නියමුවා මිය ගිය අතර පසුව කළ මෙහෙයුමකින් එහි නියමුවා බේරා ගැනිණ.
ගලවා ගැනීමේ මෙහෙයුම්වල නිරතව සිටි හෙළිකොප්ටර් යානයකට ද කැරළිකරුවන් පිරිසක් පහර දුන් අතර ඉන් ද එක් මරීන් සෙබළෙකු ජීවිතක්ෂයට පත් විය.
මෙම සිදුවීම් සම්බන්ධයෙන් රුසියාවෙන් සමාව අයැදීම තුර්කි ජනාධිපති රිසෙප් තයීප් අර්ඩොගන් මුල් අවස්ථාවේදී ප්‍රතික්ෂේප කළ අතර ඉකුත් සිකුරාදා තුර්කි ජනාධිපතිවරයා චෝදනා කළේ, සිරියානු මෙහෙයුම්වලදී රුසියාව ගින්දර සමග සෙල්ලම් කරන බව ය.
කෙසේ වුවත් රුසියානු ගුවන් යානය කඩා වැටීම සම්බන්ධයෙන් කනගාටු වන බව ඔහු ඊයේ ප්‍රකාශ කළේ ය.
මෙය රුසියාව සහ තුර්කිය අතර පවතින උණුසුම් තත්ත්වය තවදුරටත් උග්‍ර කිරීමට හේතුවනු ඇතැයි, තුර්කි බලධාරීහු පෙන්වා දෙති.
තුර්කිය සහ රුසියාව අතර ඉතා වැදගත් ආර්ථික සබඳතා පවතින අතර රුසියාව තුර්කියේ දෙවන විශාලතම වෙළෙඳ සගයා ද වේ.
වාර්ෂිකව තුර්කියට පැමිණෙන රුසියානු සංචාරකයින් සංඛ්‍යාව මිලියන තුනකි.
තුර්කි ජාතිකයින් 90,000ක් පමණ රුසියාවේ සේවය කරන බව රුසියානු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශකවරයාගේ මාධ්‍ය ප්‍රකාශකවරයා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

No comments: