වැල්ලේ ඇවිද්ද රූමත් චීන තරුණිය බලෙන් වැළඳගෙන - SANDHA HIRU NEWS

Breaking

Friday, November 20, 2015

වැල්ලේ ඇවිද්ද රූමත් චීන තරුණිය බලෙන් වැළඳගෙන

ශ්‍රී ලංකාවේ සිරි නැරඹීම සඳහා තම සොහොයුරු සමග මෙරට පැමිණි 20 හැවිරිදි රූමත් චීන ශිෂ්‍යාවකට මීගමුව වැල්ලේදී ලිංගික අතවර කළ බව කියන 18 හැවිරිදි බැකෝ යන්ත්‍ර ක්‍රියාකාර සහයකයකු මීගමුව පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මගින් 18 දා අත්අඩංගුවට ගෙන ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‌ෂක සමන්තිලක වැලිවිට මහතාගේ අධීක්‌ෂණය මත මීගමුව පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්‌ථානාධිපති උප පොලිස්‌ පරීක්‌ෂක අනුශිකා මැදවත්ත මෙනවිය සහ කාන්තා සැරයන් (4818) හෂීම් මහත්මිය විසින් සිදුකළ මූලික විමර්ශන අනුව මෙම අතවර සිද්ධිය වී ඇත්තේ 17 දින රාත්‍රි 9.30 ට පමණ මීගමුව ඒත්තුකාල සංචාරක පුරයේ වැල්ලේදීය.
මෙම අතවරයට මුහුණ දුන් 20 හැවිරිදි චීන ශිෂ්‍යාව තම සොහොයුරු සමග ශ්‍රී ලංකාවේ සිරි නැරඹීමට පැමිණ මීගමුව ඒත්තුකාල ප්‍රදේශයේ පිහිටි චීන සංචාරක හෝටලයක නැවතී සිට ඇත. මෙම සිද්ධිය වූ 17 දා රාත්‍රි 9.30 ට පමණ ශිෂ්‍යාව තම සොහොයුරු සමග නැවතී සිටි සංචාරක හෝටලය පිටුපස ඇති වැල්ලේ ඇවිදිමින් සිට ඇත. ඒ වන විට වැල්ල දැඩි අඳුරකින් යුක්‌ත වූ අතර චීන ශිෂ්‍යාවගේ සොහොයුරු වැල්ලේ ගමන් කර ඇත්තේ තම සොහොයුරියට තරමක්‌ ඈතිනි.
මෙම අවස්‌ථාවේ වැල්ලේ ඇවිදිමින් සිටි චීන තරුණිය වෙත නාඳුනන අයෙකු කඩා පැන ඇගේ ශරීරය ස්‌පර්ශ කරමින් ඇය තදින් සිප වැළඳගෙන ඇත. මේ අවස්‌ථාවේ දැඩි භීතියට පත්වූ චීන ශිෂ්‍යාව ආධාර ඉල්ලා කැගැසීමත් සමග එම තැනැත්තා අඳුරේ පලාගියත් ඔහු අත්අඩංගුවට ගැනීමට ඒත්තුකාල සංචාරක පොලිසියේ පොලිස්‌ නිලධාරීහු සමත්වී ඇත.

No comments: