ලංකාවෙන් ගුවන් ගත වූ යානයේ රෝදයක් ගැලවුණ හැටි - SANDHA HIRU NEWS

Breaking

Thursday, November 19, 2015

ලංකාවෙන් ගුවන් ගත වූ යානයේ රෝදයක් ගැලවුණ හැටි

ශ්‍රී ලංකාවේ සිට මගීන් 70 දෙනෙකු රැගත් ගුවන් යානයක් ඉන්දියාවේ මදුරෙයි බලා පියාසර කරමින් තිබියදී එහි රෝදයක් ගැලවී ගොස් තිබෙනවා.
මෙම සිද්ධිය පෙරේදා සිදුව ඇතැයි පැ‍වසෙන අතර ගුවන් නියමුවා නිරුපද්‍රිතව එය මදුරෙයි ගුවන් තොටුපළට ගොඩබැස්වීමට සමත්ව තියෙනවා.
කොහොම වුණත් මෙම සිද්ධියෙන් කිසිවෙකුටත් අනතුරක් සිදුව නැති අතර මදුරෙයි සිට හයිද්‍රාබාද් වෙත යාමට තිබූ මීළඟ ගමනත් ඉන් පසු අවලංගු කර තිබෙනවා.
සපියිස්ජෙට් වර්ගයට අයත් එම යානයේ මගීන් 70ට අමතරව කාර්ය මණ්ඩලයේ 5 දෙනෙකු සිට ඇති බවයි වාර්තා ‍වන්නේ.
හයිද්‍රාබාද් යාම සඳහා මගීන්ට වෙනත් ගුවන් යානා මගින් පහසුකම් සැලසීමට ගුවන් තොටුපළ බලධාරීන් පියවර ගෙන ඇති බව වැඩිදුරටත් වාර්තා වුණා.

No comments: