අයවැය අදයි - SANDHA HIRU NEWS

Breaking

Friday, November 20, 2015

අයවැය අදයි

වත්මන් ආණ්ඩුවේ මංගල අයවැය දෙවන වර කියවීම අද සිදුවන අතර මුදල් අමාත්‍ය  රවි කරුණානායක මහතා විසින් 2016 වසර  සදහා වන අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ.

පාර්ලිමේන්තුව අද පස්වරු 02.00 කට රැස්වන අතර අයවැය අවසන් පිරික්සීම් කටයුතු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ පස්වරුවේ සිදු කෙරුණි.

මෙවර අයවැය ජනතාවාදි අයවැයක් වන බව මුදල් අමාත්‍ය  රවි කරුණානායක මහතා ප්‍රකාශ කරයි.
මේ අතර අයවැය සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම සදහා විශේෂ කැබිනට් රැස්විමක් අද පෙරවරුවේ පැවැත්වේ.
පෙරවරු 09.00ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් රැස්විම පැවැත්වෙන බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කළේය.
අයවැය පනත් කෙටුම්පත පසුගිය මස 23 වනදා  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු අතර ඒ අනුව ලබන වර්ෂය සඳහා වන පුනරාවර්ථන හා ප්‍රාග්ධන වියදම් ද ඇතුළුව රජයේ ඇස්තමේන්තුගත සමස්ත වියදම රුපියල් බිලියන 1941. 4 කි.
අද ඉදිරිපත් කරන අයවැය දෙවන වර කියවිමෙන් පසු ඒ පිළිබඳ විවාදය දින 09 ක් පුරා පැවැත්වෙයි.

අයවැය ඡන්දවිමසීම සිදු කෙරෙන්නේ දෙසැම්බර් මස 02 වනදා වන අතර අයවැය 03 වන වර කියවිමේ ඡන්දවිමසීම දෙසැම්බර් මස 19 වනදා සිදු කිරිමට නියමිතය.

No comments: