රුසියා – තුර්කි අර්බුදය තවදුරටත් උණුසුම් කරමින් හඬ පටයක් නිකුත් වෙයි(Audio) - SANDHA HIRU NEWS

Breaking

Thursday, November 26, 2015

රුසියා – තුර්කි අර්බුදය තවදුරටත් උණුසුම් කරමින් හඬ පටයක් නිකුත් වෙයි(Audio)


ලෝක දේශපාලනය තුළ මේ වන විට දැඩි ලෙස කතාබහට ලක්ව ඇති රුසියා – තුර්කි අර්බුදය තවදුරටත් උණුසුම් කරමින් පුවත් මැවෙමින් තිබේ.
තමන්ට තුර්කියෙන් කිසිදු අනතුරු ඇඟවීමක් නිකුත් නොකළ බව පසුගිය දා තුර්කිය විසින් බිම හෙළනු ලැබූ රුසියානු යානයේ නියමුවා සඳහන් කළ ද තුර්කිය එය තරයේ ප්‍රතික්ෂේප කරමින් මේ වනවිට ඊට අදාළ හඬ පටයක් නිකුත් තර ඇත.

පැය 12ක මෙහෙයුමකින් පසු ඊයේ බේරාගත් කෙන්ස්ටෑන්ටින් මුරැක්ටින් නම් රුසියානු ප්‍රහාරක යානයේ නියමුවා විදෙස් මාධ්‍යට පවසා ඇත්තේ, සිය යානය බිම හෙළීමට පෙර තුර්කිය තමන්ට පූර්ව අනතුරු ඇඟවීමක් නොකළ බවත් තත්පරයක කාලයකට හෝ තමන් තුර්කි ගුවන් කලාපයට ඇතුළු නොවූ බව ත් ය.
මෙම සිදුවීමත් සමග රටවල් දෙක අතර අර්බුදකාරී තත්ත්වයක් උද්ගතව ඇති අතර රුසියානු ජනාධිපති වැල්ද්මීර් පුටින් පවසන්නේ, සිය ප්‍රහාරක යානයට පහර දීම පිටුපසින් පැමිණ සිදු කළ පිහි ඇණුමක් ලෙසිනි.
එමෙන් ම තුර්කියට බරපතළ ප්‍රතිවිපාක විඳීමට සිදුවනු ඇති බවට ද ජනාධිපතිවරයා අනතුරු අඟවා තිබේ.
ප්‍රහාරය එල්ල කළ දින සිට මේ දක්වා තුර්කි බලධාරීන් පවසා සිටියේ, තුර්කිය අදාළ යානය කිහිපවරක් අනතුරු ඇඟවීම් නිකුත් කළ ද ඊට ප්‍රතිචාර නොදැක්වූ බව ය.
පසුගිය දා සිය දේශ සීමාව උල්ලංඝණය කළ බව පවසමින් තුර්කිය අදාළ රුසියානු ප්‍රහාරක යානය පහර දී බිම හෙළූ අතර එහිදී ගුවන් නියමුවන් පැරෂූටයක අධාරයෙන් යානයෙන් ඉවතට පැන තිබූ අතර ප්‍රහාරයෙන් එහි සහය නියමුවා ජීවිතක්ෂයට පත් වී තිබේ.
යානය කඩා වැටුණු අදාළ කඳුකර ප්‍රදේශයට නියමුවා ද පැන තිබූ අතර පසුව රුසියාව සිය නියමුවා බේරා ගැනීම සඳහා මෙහෙයුමක් ආරම්භ කළේ ය.
මෙහිදී එම මෙහෙයුම සඳහා පිටත්ව ගිය හෙළිකොප්ටර් යානයකට කැරළිකරුවන් රොකට් ප්‍රහාරයක් එල්ල කළ අතර ප්‍රහාරයෙන් එහි සිටි මෙරීන් සෙබෙළෙක් ජීවිතක්ෂයට පත් විය.
කෙසේවෙතත් අවසානයේ බිම හෙළූ රුසියානු හමුදා ප්‍රහාරක යානයේ නියමුවා සිටි නියමුවා මුදා ගැනීම රුසියාව සමත්විය.
මේ අතර නියමුවා බේරා ගැනීමේ මෙහෙයුමේ නිරතව සිටි හෙළිකොප්ටර් යානයට ගුවනේදී ප්‍රහාරය එල්ල වීමෙන් පසු ගොඩබස්වන යානයට යළි මිසයිල ප්‍රහාරයක් එල්ල කර විනාශ කරන අයුරු දැක්වෙන දර්ශන පෙළක් මාධ්‍යයට නිකුත් කෙරිණ

No comments: