විපක්ෂයේ 4 ක් ආණ්ඩුවේ එල්ලෙති ? - SANDHA HIRU NEWS

Breaking

Tuesday, November 24, 2015

විපක්ෂයේ 4 ක් ආණ්ඩුවේ එල්ලෙති ?

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයෙන් තරග කර පාර්ලිමේන්තුවේ විපක්‍ෂයේ අසුන්ගෙන සිටින මන්ත්‍රීවරුන් 4 දෙනකු ආණ්‌ඩුවේ මංගල අයවැයට පක්‍ෂව ඡන්දය ලබාදෙමින් ආණ්‌ඩුව සමඟ එක්‌වීමට නියමිත බව ආණ්‌ඩුවේ ප්‍රකාශකයෙක්‌ පවසයි.
මේ අතරින් එක්‌ මන්ත්‍රීවරයකු 'මහින්ද සමඟ නැගිටිමු' ව්‍යාපාරයේ ඉහළින්ම කටයුතු කළ අයකු බව ද පැවැසේ.
මෙම මන්ත්‍රීවරුන්ගෙන් දෙදෙනකුට කැබිනට්‌ සහ නියෝජ්‍ය ඇමැති ධුරයක්‌ ලබාදීමට නියමිත අතර, තවත් මන්ත්‍රිවරයකුට දිස්‌ත්‍රික්‌ සංවර්ධන කමිටු සභාපති ධුරයක්‌ ලබාදීමට ද නියමිත බව එම ප්‍රකාශකයා කීය.
මෙම අයට ඇමැති ධුර ලැබෙනුයේ ශ්‍රීලනිපයට ආණ්‌ඩුවේ හිමි කෝටාවෙන් වන අතර, මොවුන් එජාප සභාපති ඇමැති මලික්‌ සමරවික්‍රම මහතා සමඟ ආණ්‌ඩුවට එක්‌වීම සම්බන්ධව සාකච්ඡා වට කීපයක්‌ පවත්වා තිබේ. මොවුන් ආණ්‌ඩුවට එක්‌කර ගැනීමට ජනාධිපති හා අගමැතිවරයාගේද කැමැත්ත හිමිව ඇත.
ඒ අනුව මොවුන් ඉදිරියේදී ආණ්‌ඩුවේ මංගල අයවැය යෝජනාවලියට සම්බන්ධව ඡන්දය ලබා දෙමින් ආණ්‌ඩුව සමඟ එක්‌වෙනු ඇතැයි ද ඉහත ප්‍රකාශකයා කීය.
මේ අතර තවත් මන්ත්‍රීවරයකු තමන්ට ආණ්‌ඩුවට එක්‌වීමට අවශ්‍ය බව කියමින් කීපවිටක්‌ එජාප සභාපති මලික්‌ සමරවික්‍රම මහතාට ඇවිටිලිකර ඇත. එහෙත් මෙම මන්ත්‍රීවරයාව ආණ්‌ඩුවට කිසිසේත් එක්‌කර නොගන්නා ලෙස අගමැතිවරයා පවසා තිබේ.
මෙම මන්ත්‍රීවරයා පසුගිය ආණ්‌ඩුව නියෝජනය කළ ප්‍රබල කැබිනට්‌ ඇමැතිවරයකු වන අතර, දින සියයේ ආණ්‌ඩුවට එක්‌වීමට මෙම මන්ත්‍රීවරයා කීපවිටක්‌ම උත්සාහ කළ බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියේය.
 - දිවයින -

No comments: