2016 අයවැය යෝජනා - SANDHA HIRU NEWS

Breaking

Friday, November 20, 2015

2016 අයවැය යෝජනා

සම්මුතිවාදී ආණ්ඩුවේ මංගල අයවැය මේ වනවිට මුදල් අමාත්‍ය රවී කරුනානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සිටී. 2016 අයවැය නිදහස් ශ්‍රී ලංකාවේ 69 වන අයවැයයි. 
  • ජාත්‍යන්තර වෙළඳ කටයුතු කෙරෙහි විශේෂ අවදානයක් යොමු කරනවා.
  • කෘෂිකර්ම නිෂ්පාදන සහ අපනයන සඳහා වැඩි සැළකිල්ලක් යොමු කර ආසියාවේ ධාන්‍යගාරය ලෙස ශ්‍රී ලංකාව යළි ස්ථාපනය කරනවා.
  • 2005 – 2014 කාල සීමාව රටේ ජනතාවගේ ආර්ථික බලාපොරොත්තු නිසි අයුරින් ඉෂ්ට නොවූ කාලසීමාවක් ලෙස හැඳින්විය හැකියි. 2015 ජනවාරි 08 වෙනසකට මුල පුරමින් නව යුගයක් උදා වුණා.
  • විදේශ රටවල තැන්පත් කර තිබෙන මුදල් අපේ රට ට යළි ගේන්න කියලා අපි ලාංකිකයින්ට ආරාධනා කරනවා
  • බදු සහ ගාස්තු වර්ග 35ක් අය බදු ක්‍රමය තුළ තිබෙනවා
  • රජයේ ආදායම් වැඩි වශයෙන් ලැබෙන්නේ වක්‍ර බදු ආදායම් තුළින් එම නිසා බදු ආදායමට අඩු වී තිබේ 
  • 2016 අයවැය සකස් කිරිමේදී අපගේ ආණ්ඩුව ශූන්‍ය අයවැය සංකල්පය ඉලක්ක කර ගත්තා
  • රජයේ ණය වර්තමානය වනවිට 72%ක් පමණ තත්ත්වයක පවතිනවා
  • ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය හරවත් ලෙස නවීකරණය විය යුතුයි 
  • පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමයක් ඇති කළ යුතුයි. එවිට ඔවුන් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වූ විට ඔවුන්ට අැතිවන ගැටලු අඩු වෙයි
  • නගර සංවර්ධනයට මෙගා පොලිස් ක්‍රමය වඩාත් යෝග්‍ය වේ
  • ඉහළ ප්‍රමිතියෙන් හා විශ්වාසයෙන් යුත් ප්‍රවාහන සේවයක් ඇති කළ  යුතුයි 
  • වෙළඳපොල මූලික කරගත් ආර්ථික ක්‍රමයකට රජය කැප වී සිටිනවා
  • පරිසර හිතකාමි බලශක්ති ක්‍රම වේදයකට යොමු විය යුතුයි
  • අපි එක්සත් නොවන්නේ නම් අපගේ පැවැත්මට හානි සිදුවිය හැකියි
  • මුදල් ඇමති විසින් අයවැය යෝජනා කියවීම ඇරඹේ 
  • සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් නියාමන අධිකාරියක්
  • සුළු මධ්‍ය පරිමාණ සේවකයින්ට ණය දීමට රුපියල් මිලියන 500ක්
  • කාර්මික උද්‍යාන මොණරාගල, පුත්තලම, යාපනය, වන්නි
  • වී සඳහා සහතික මිලක් ලබා දෙනවා. කීරි සම්බා කිලෝ 1ක් රුපියල් 50 / සම්බා කිලෝ 1ක් රුපියල් 41 / නාඩු කිලෝ 1ක් රුපියල් 38
  • එළවළු සහ පළතුරු වගා කිරීම සඳහා කල් බදු ක්‍රමය යටතේ පාවිච්චියට නොගත් ඉඩම් ගොවීන්ට ලබා දෙනවා
  • ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 295 දක්වා අඩු කරනවා
  • එළවළුපළතුරු නිෂ්පාදන යන්ත්‍ර ආනයන බද්දෙන් නිදහස්
  • පොහොර සහනාධාරය සුළු පරිමාණ වී ගොවීන්ට පමණයි
  • ධීවර වරායන් සංවර්ධනයට රුපියල් මිලියන 750ක්
  • ධීවරයින් වෙනුවෙන් රුපියල් මිලියනයක ජිවිත රක්ෂණයක්
  • තේ කර්මාන්තයේ ගැටලු විසඳීමට ක්‍රියාකාරී කමිටුවක්
  • තේ අපනයනයේදී ශ්‍රී ලංකා තේ යනුවෙන් නාමකරණය අනිවාර්යයි
  • තේ සහ රබර් වගා කරන සමාගම් වසර 2ක බදු වලින් නිදහස්
  • ග්‍රාමීය ආර්ථිකය සංවර්ධනය සඳහා එක් ගමකට රුපියල් මිලියන 1500ක් වෙන් කරනවා
  • වව්නියාවේ නව ආර්ථික කලාපයකට රුපියල් මිලියන 200ක්
  • මත් උවදුර මැඩලීමට ළමා රක්ෂණයට රුපියල් මිලියන 2000ක්
  • අලි මිනිස් ගැටුම මැඩලීමට වසර 3ක් තුළ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට මිලියන 4000ක්
  • රත්‍රං ආනයනයට බදු රහිතව බලපත්‍ර 50ක්
  • සියලු රාජ්‍ය ආයතන ඩිජිටල්කරණයට යෝජිතයි
  • ඩිජිටල් ජාතික හැදුනුම්පත 2016 ජනවාරි 01 වන දා සිට
  • රැකියා 500ක් උත්පාදනය කරන විදේශ ආයෝජනවලට 50%ක බදු නිදහසක්
  • නව ආයෝජන පනත් හදුන්වාදීමට නියමිතයි
  • පවතින ඕනෑම බැංකුවක් හරහා ශ්‍රී ලංකාවේ මුදල්  ආයෝජනයට විදේශිකයින්ට අවස්ථාව
  • සුපිරි බද්ද සම්පූර්ණයෙන්ම ඉවත් කෙරේ
  • නිවාස ඉදිකිරිම සඳහා රජයේ මෙතෙක් ප්‍රයෝජනයට නොගත් ඉඩම් නිදහස් කෙරේ
  • අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් වසර 5ක් තුළ නිවාස ලක්ෂයක්
  • මැතිවරණ කොට්ඨාසයක නිවාස දහසක් ඉදිකිරීමට රුපියල් මිලියන 4500ක්
  • ඉදිකිරීම්වලදී ඕනෑම විදේශීය සමාගමකට දේශීය කොන්ත්‍රාත්වරුන් සමග කටයුතු කළ හැකියි
  • ගොඩනැගිලි ක්ෂේත්‍රයේ පුහුණවන ශ්‍රමිකයින්ට රුපියල් 10,000ක මාසික දීමනාවක්
  • ඩී.ආර්. විජේවර්ධන මාවතේ කොළඹ අන්තර්ජාතික මූල්‍ය කේන්ද්‍රස්ථානයක් පිහිටුවනවා
  • දිවිනැගුම අරමුදල ජාතික ඉතිරිකිමේ බැංකුව හා ඒකාබද්ධ කෙරේ
  • දේශීය පෞද්ගලික බැංකු විදේශ ශාඛා ඇරඹීමේදී සහන
  • බැංකු අණකර ගාස්තු රුපියල් 250 සිට 150 දක්වා අඩු කෙරේ
  • නව වාහන ලියාපදිංචි ගාස්තුව – ත්‍රීරෝද සහ යතුරු පැදි රුපියල් 2,000 / මෝටර් රථ රුපියල් 15,000
  • සියලු සේවකයින් සඳහා වැටුප් ගිණුමක් හඳුන්වාදීමට පියවර
  • සියලුම පාසල් දරුවන් සඳහා රුපියල් 250කින් ඉතිරි කිරීමේ ගිණුමක් ඇරඹේ
  • රැඳවුම් බද්ද ඉවත් කෙරේ
  • පෞද්ගලික අංශයේ වැටුප් අවම වශයෙන් රුපියල් 2500කින් වැඩි කරන්නැයි යෝජනා කරනවා
  • ස්වාධීන අධ්‍යක්ෂ මණ්ඩලයක් යටතේ බැඳුම්කර නිශ්කාෂණ ආයතනයක්
  • රජයේ සහ රජයෙන් අාධාර ලබන පාසල්වල ගුරුවරුන්ට වසර 2ක ගුරු පුහුණුවක්
  • 2016 අවසන්වීමට පෙර සියලුම පාසල්වලට සනීපාරක්ෂණ සහ ජල පහසුකම්
  • මුද්‍රිත පොත් සඟරා සහ ජර්නල් වලින් ආනයන බදු ඉවතට
  • සියලුම පාසල් සිසුන්ට 13 ශ්‍රේණියෙන් පසු වෘත්තීය පුහුණුව අනිවාර්යයි
  • අධ්‍යාපනයට රුපියල් මිලියන 90,000 ක්
  • පාසල් නිල ඇදුම් සඳහා වෙළඳපොළ වටිනාකමට අනුව වව්චර්
  • 2018 වනවිට සියලුම විශ්වවිද්‍යාල සිසුන්ට නේවාසිිකාගාර පහසුකම්
  • මහපොළ නමින් විශ්වවිද්‍යාලයක් මාලඹේ දී
  • කිලිනොච්චියේ ඉංජිනේරු විද්‍යා පීඨයක් ද වව්නියාවේ කෘෂිකර්ම පීඨයක් ද පිහිටුවනවා
  • විශ්වවිද්‍යාල සිසුන්ට වසර 3ක පොලී රහිතව ලැප්ටොප් 
  • සියලු විශ්වවිද්‍යාල වලට වයි-ෆයි කලාප
  • ආඝාත මධ්‍යස්ථාන සඳහා රුපියල් මිලියන 5000ක් 
  • රුධිර කාන්දුකරණ මධ්‍යස්ථාන 1000ක් ඉදිකිරීමට මිලියන 6500ක් වෙන් කරනවා
  • නල්ලූර් , මහනුවර සහ මාතරට පිළිකා රෝහල් 
  • පොලිස් ස්ථාන සංඛ්‍යාව 600 දක්වා වැඩි කිරීමට පියවර ගන්නවා
  • පොලිස් සේවයේ වැටුප් විෂමතා වසර 2ක් තුළ විසඳීමට පියවර
  • දිගන, බදුල්ල සහ පුත්තලමේ අභ්‍යන්තර ගුවන් තොටුපොළවල් ඉදි කරනවා 
  • මත්තල ගුවන් තොටුපොළ භාණ්ඩ මෙහෙයුම් කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමට පියවර ගන්නවා
  • 2016 ජනවාරි 01 වන දා සිට රාජ්‍ය සේවයට බැඳෙන සේවකයින්ට නව විශ්‍රාම ක්‍රමවේදයක්
  • කැලණිවැලි දුම්රිය මාර්ගයේ නවීකරණයට රුපියල් මිලියන 1500ක්
  • පෑලියගොඩ සිට නව කොටුව පිවිසුම් මාර්ගයක් ඉදි කිරීමට පියවර ගන්නවා
  • තෝරාගත් අත්‍යාවශ්‍ය භාණ්ඩ 11ක මිල පහළට
  • ළදරු කිරිපිටි මිල රුපියල් 100 කින් පහළට
  • අර්තාපල් සහ ලොකු ලූණු සඳහා විශේෂ වෙළඳ බද්ද අඩු කෙරේ
  • ග්‍රෑම් 425 ටින් මාළු රුපියල් 125ක් දක්වා පහළට
  • හාල් මැස්සෝ කිලෝ 1ක් සඳහා 410ක උපරිම සිල්ලර මිලක්
  • පරිප්පු කිලෝ 1ක් සඳහා රුපියල් 169ක උපරිම සිල්ලර මිලක්
  • කිලෝ ග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 150කින් පහළට
  • භූමිතෙල් ලීටරයක මිල රුපියල් 10කින් පහළට 
  • ඉංග්‍රිසී සහ දෙමළ නාට්‍ය සඳහා පනවා තිබු බද්ද ඉවත් කෙරේ
  • ඔට්ටු තැබීම සහ සූදු සඳහා වන බද්ද මිලියන 400 දක්වා වැඩි කෙරේ
  • ඇස්බැස්ටස්වලින් තොර රටක් සඳහා පියවර
  • අයවැය කතාව අවසන්
  • පාර්ලිමේන්තුව හෙට පෙ.ව. 9.30 දක්වා කල් තැබේ

No comments: