එරික් පෙරේරා ඉවත් කිරීම පිටුපස ඇමතිවරයෙක් සිටින බවට චෝදනා - SANDHA HIRU NEWS

Breaking

Thursday, March 25, 2021

එරික් පෙරේරා ඉවත් කිරීම පිටුපස ඇමතිවරයෙක් සිටින බවට චෝදනා



 වෙන්නප්පුව ප්‍රදේශයේ නීති විරෝධී ජාවාරම් මර්දනය කිරීම නිසා රාජ්‍ය ඇමැතිවරයකුගේ බලපෑම හේතුවෙන් ලක්වී මාරුකර යැවූ බව කියන සහකාර පොලිස් අධිකාරි එරික් පෙරේරා මහතා විසින් මෙම ජාවාරම් මර්දනයට යොදාගත් විශේෂ පොලිස් ඒකකයද වහා ක්‍රියාත්මක වන පරිදි විසුරුවා හැර එම ඒකකයේ නිලධාරීන්ද මාරු කර යවා ඇත.

එම විශේෂ පොලිස් ඒකකයේ රාජකාරි කළ පොලිස් පරීක්‍ෂකවරුන් දෙදෙනෙකු ඇතුළු පොලිස් නිලධාරීන් පස්දෙනකු සාලියවැව, වව්නියාව, මුලතිව්, මාදම්පේ යන පොලිස් ස්ථානවලට මාරුකර යවා තිබේ.

සහකාර පොලිස් අධිකාරි එරික් පෙරේරා ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මක වූ මෙම විශේෂ පොලිස් ඒකකයේ නිලධාරීන් වෙන්නප්පුව මාදම්පේ ඇතුළු ප්‍ර දේශ ගණනාවක කාලයක් තිස්සේ නීති විරෝධීව කරගෙන ගිය මත්පැන්, හෙරොයින්, ගංජා, වැලි සහ මැටි කැපීමේ ජාවාරම් පාලනය කිරීමට කටයුතු කර තිබිණි.

No comments: