ගායන ශිල්පිනී ප්රියානි ජයසිංහ මහත්මියගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට ඇයගේ සැමියා අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ, සැකකරු පානදුර ආශ්රිත වෙරළ තීරයේ රැඳී සිටියදී අද පෙරවරුවේ අත්අඩංගුවට ගත් බවයි.
ඊයේ රාත්රී 8.45ට පමණ තියුණු ආයුධයකින් පහර දී ඇයව ඝාතනය සිදුකිරීමෙන් පසු සැකකරු ප්රදේශයෙන් පළා ගොස් තිබිණ.
පොලීසිය පැවසුවේ, දෙදෙනා අතර වසරක පමණ කාලයක සිට නිරත ගැටුම් පැවත ඇති බවට කරුණු අනාවරණය වී ඇති බවයි.
පානදුර කුඩාඅරුක්ගොඩ, අරුක්ගොඩ ප්රදේශයේ පදිංචිව සිටි ප්රියානි මහත්මිය දෙදරු මවකි.
ඝාතනයට ලක්වන විට ඇය 51 වැනි වියේ පසුවුණා.
ප්රියානි ජයසිංහ මහත්මිය ගැයූ සුන්දර හදකට දී පෙම ්වරම්, කඳුල නිවන්නම් හිත නොරිදනවා නම් වැනි ගීත මෙරට ජනතාව අතර වඩාත් ජනප්රියයි.
No comments:
Post a Comment