තිස්ස ආයෙත් යූ.එන්.පී එකට..! - SANDHA HIRU NEWS

Breaking

Sunday, September 25, 2016

තිස්ස ආයෙත් යූ.එන්.පී එකට..!

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක නැවත වරක් එක්සත් ජාතික පක්ෂයෙන් සක්‍රීය දේශපාලනයට පැමිණෙන්නට තීරණය කර ඇතැයි වාර්තා වේ.මේ වනවිට ඔහුව එක්සත් ජාතික පක්ෂය හා සම්බන්ධ කරගැනීම සදහා වන මූළික සාකච්ඡාවක් අතරමැදියෙකු මාර්ගයෙන් අගමැතිවරයා සමග පවත්වා ඇතැයි පැවසේ.  එහිදී අගමැතිවරයාගෙ අදහස වී තිබුණේ මේ සම්බන්ධව  තමන්ට ගැටලුවක් නොවන බවත්  පක්ෂයෙ සභාපති මලික් සමරවික්‍රම සමග සාකච්ඡා කර ගැටලුව නිරාකරණය කරගන්නා ලෙසත්ය.
පක්ෂයෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබෙන තුරු තමන් බලා ඉන්නා බව තිස්ස අත්තනායක පවසයි.  පසුගිය මැතිවරණයෙදී මෛත්‍රීපාල සිරිසෙන හා රනිල් වික්‍රමසිංහ අතර ගිවිසුමක් ඇති බවට මාධ්‍යවෙත කළ හෙළිදරවුවට අදාලව කූට ලේඛණ සකස් කිරීමේ සම්බන්ධයෙන් තිස්ස අත්තනායකට  එරෙහි චෝදනා එල්ලවුණු අතර මේ වනවිට ඒ පිළිබදව නඩු විභාගයක් ද පැවැත්වේ.

No comments: