දංකොටුව, බුජ්ජම්පොළ, කොස්හේනවත්ත ප්‍රදේශයේ පුද්ගලයින් පස්දෙනෙකු ඝාතනය කිරීම කප්පම් සිද්ධියක් මත ඇති වූ අමනාපයක් දුරදිගයාමෙන් සිදුවූවක් බව හෙළිවී තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ, සිදුකළ පරික්ෂණවලින් අනතුරුව එම ඝාතනවලට සම්බන්ධ සැකකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් මෙම ඝාතන සිදුකර වෑන් රථයට දමා පෙට්‍රල් බෝම්බයක් යොදා ඊට ගිනි තබා ඇති බව දැනට සිදුකරන ලද පරීක්ෂණවලදී හෙළි වී තිබේ.
පසුගිය 11 වන දා දංකොටුව, බුත්ගම ප්‍රදේශයේ පාළු මාර්ගයක ගිනි ගැනීමට ලක්ව තිබූ වෑන් රථයක තිබී මළ සිරුරු කිහිපයක් සොයා ගත්හ.
119 හදිසි දුරකතන අංකයට ලැබුණු තොරතුරකට අනුව එම සිරුරු සොයා ගෙන තිබේ.
No comments:
Post a Comment