ඇඹිලිපිටිය සාදයකදී පොලීසිය හා ඇති වූ ගැටුමේ දී පොලිස් නිලධාරීන්ට පහරදුන් බවට හා පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධාකළ බවට ඇපමත සිටින සැකකරුවන්ට එරෙහිව සිද්ධියේ ඉදිරි විමර්ශන සඳහා එම නිවස අවට පිහිටි ආයතනවල සී.සී.ටී.වී. කැමරා දර්ශන රහස් පොලීසිය බාරයට ගෙන ඇති නිසා, එහි පිටපත් ලබාදෙන්නැයි නියෝග කරන ලෙස පොලීසිය අද (24) ඇඹිලිපිටිය මහේස්ත්රාත් ජනක කැකිරිදෙණිය මහතාගෙන් ඉල්ලා සිටියේය.
පොලිස් නිලධාරීන්ට පහරදී හා රාජකාරියට බාධාකළ බවට අත්අඩංගුවට ගෙන තිබුණේ සාදය පැවැති නිවසේ නිවෙස් හිමියා ඇතුළු ඔහුගේ ළඟම ඥාතීන් දෙදෙනෙකු සහ සිද්ධියේදී තුවාල ලැබූ අයියා මලෝ දෙදෙනෙකි.
අදාළ සීසීටීවී දර්ශනවල පිටපත් ලබාගෙන වැඩිදුර වාර්තාවක් ලබන මැයි මස 25වැනිදා අධිකරණය හමුවට පමුණුවන ලෙස මහේස්ත්රාත්වරයා පොලීසියට නියම කළේය.

No comments:
Post a Comment