හෙරොයින් සන්තකයේ තබා ගැනීමේ චෝදනා මත මහරගම පොලිසියේ දූෂණ මර්දන ඒකකය
මගින් අත්අඩංගුවට ගත් ගායන ශිල්පී සොහාන් පෙරේරා මහතා ගංගොඩවිල මහෙස්ත්‍රාත් අධිකරණයට ඊයේ (22) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කොට තිබේ. හෙරොයින් ජාවාරමේ නියැළුණු මහරගම පැරකුම් මාවත ප්‍රදේශයේ පදිංචි රේණුකා සමන්ති හෙවත් “රේණු” නමැත්තියගෙන් රුපියල් 25,000 ක මුදලකට හෙරොයින් මිලිග්‍රෑම් 550 ක් මිලදී ගෙන යතුරුපැදියකින් පැමිණෙමින් සිටියදී පෙරේදා (21) පස්වරුවේදී සොහාන් පෙරේරා මහතා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

කලිසම් සාක්කුවේ හෙරොයින් සඟවාගෙන පැමිණෙමින් සිටියදී මොහු පොලිස් කණ්ඩායම අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔහුගෙන් ලද තොරතුරු මත හෙරොයින් ජාවාරම සිදුකළ ‘රේණු’ නමැති කාන්තාවද අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.
එම කාන්තාව මීට පෙරද හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කොට ඇප ලබා සිටින තැනැත්තියක් බවද පොලිසිය සඳහන් කරයි. ඇයද ඊයේ (22) ගංගොඩවිල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මාර්තු මස 02 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දර, බස්නාහිර දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති කපිල ජයසේකර, නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහීන් ගුණසේකර යන මහත්වරුන්ගේ අධීක්ෂණය මත මහරගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උපාලි තලගල සහ දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පියල් ගුණතිලක යන මහත්වරුන්ගේ උපදෙස් හා මෙහෙයවීම මත උප පොලිස් පරීක්ෂක උපුල් ධර්මරත්න, කාන්තා උප පොලිස් පරීක්ෂක ලියනාරච්චි, පොලිස් කොස්තාපල්වරුන් වන රුවන් (41127), සුමතිපාල (45042), සිල්වා (84086), තේජාන් (85989) යන නිලධාරින් විසින් මෙම වැටලීම කර තිබේ.
No comments:
Post a Comment