සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ අධිපතිව සිටි ලලිත් කොතලාවල මහතාගේ බිරිඳ වන සිසිලි කොතලාවල මහත්මිය අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගනු ලැබී ය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ, ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ භාරයට ගැනීමෙන් පසුව කොතලාවල මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දුන් බව ය.
අද පස්වරුවේ කටුනායක ගුවන්තොටුපොළේදී ඇය තම නිලධාරීන්ගේ භාරයට ගත් බව ආගමන විගමන පාලක ජනරාල් එම්.එම්. රණසිංහ මහතා ප්‍රකාශ කළේ ය.
ඒ, ලන්ඩනයේ සිට මෙරටට පැමිණි අවස්ථාවේදී ය.
No comments:
Post a Comment