ඇඹිලිපිටියේ හිටපු ASP බන්ධනාගාර රෝහලට - SANDHA HIRU NEWS

Breaking

Thursday, February 4, 2016

ඇඹිලිපිටියේ හිටපු ASP බන්ධනාගාර රෝහලට

දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ඇඹිලිපිටිය හිටපු සහකාර පොලිස් අධිකාරී ඩී.ඩබ්ලිව්.සී. ධර්මරත්න මහතා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ.
ඇඹිලිපිටියේ සාදයක් අතරතුර ඇති වූ ගැටුමකින් තරුණයෙකු මිය යාමේ සිද්ධියට අදාළව සැකපිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අදාළ සහකාර පොලිස් අධිකාරීවරයා අත්අඩංගුවට ගෙන කුරුවිට බන්ධනාගාරයේ රැඳවීමට පියවර ගැනිණි.
එහිදී සහකාර පොලිස් අධිකාරීවරයා තමාට බන්ධනාගාරයේ සෙසු රැඳවියන්ගෙන් හිරිහැර එල්ල විය හැකි බවට දැනුම් දුන් බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ මහතා ප්‍රකාශ කළේ ය.
ඔහු පැවසුවේ, මෙම කරුණු සැලකිල්ලට ගෙන ඔහුගේ ආරක්ෂාව සලකා බලා කුරුවිට බන්ධනාගාර රෝහලට ඇතුළත් කළ බව ය.
සැකකාර සහකාර පොලිස් අධිකාරීවරයා කුරුවිටින් වෙනත් බන්ධනාගාරයකට මාරු කර යැවීමට බලාපොරොත්තු වන බව ද කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේ ය.

No comments: