අත්අඩංගුවට ගත් සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ හිටපු සභාපති නාලක ගොඩහේවා ඇතුළු තිදෙනෙකු ලබන 14 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
හිටපු සභාපතිවරයාට අමතරව රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට පත් සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ හිටපු නියෝජ්‍ය අධ්යක්ෂ ජෙනරාල්වරයෙකු හා තවත් අයෙකි.
සැකකරුවන් එලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ, කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය.
සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සිදුව ඇතැයි කියන රුපියල් ලක්ෂ 50ක මූල්‍ය වංචාවකට අදාළව හිටපු සභාපතිවරයා අද පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගැනිණ.
No comments:
Post a Comment