සෞදියේ ගල් ගසා මරා දැමීමට නියමිත ශ්‍රී ලාංකික කාන්තාවට සහන සැලසීම සඳහා සෞදි – ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශ සාකච්ඡා ආරම්භ කර තිබේ.
සෞදියේ ශ්‍රී ලංකා තානාපති අස්මි තාසිම් මහතා පැවසුවේ අදාළ කාන්තාව ට සහන සැලසීමේ අරමුණින් ශ්‍රී ලංකා රජය වැඩපිළිවෙළ රැසක් ක්‍රියාත්මක කර ඇති බව ය.
මේ අතර සෞදියේදී ගල් ගසා මරාදැමීමට නියමිතව සිටින අදාල කාන්තාව සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවේදීද විවාදයට ලක්වුණා.
ශ්‍රී ලාංකික පුරුෂයකු සමඟ සෞදියේ දී අඹු සැමියන් ලෙස හැසිරී එහි වරද පිළිගත් මරදානේ පදිංචි විවාහක කාන්තාවකට මෙම දඬුවම් නියම වී තිබේ.
එම සිද්ධියට සම්බන්ධ ශ්‍රී ලාංකික පුරුෂයාට ද කස පහර සියයක දඬුවමක් එරට අධිකරණය මගින් නියම කර තිබේ.
No comments:
Post a Comment