දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද සුළං සමග අකුණු ඇතිවිය හැකියි – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව - SANDHA HIRU NEWS

Breaking

Tuesday, December 8, 2015

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද සුළං සමග අකුණු ඇතිවිය හැකියි – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

දිවයින අසන්නයේ පවතින කැලඹිලි ස්වභාව හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරුවේ හා රාත්‍රීයේ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපර්තමේන්තුව පැවසී ය.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පැවසුවේ, වැසි සමග තද සුලං හා අකුණු ඇතිවිය හැකි බව ය.
මේ වන විට කොළඹ නගරයට දැඩි වර්ෂාවක් ඇද හැලෙමින් පවතී.
මේ හේතුවෙන් කොළඹ මාර්ග රැසක දැඩි රථවාහන තදබදයක් පවතින බව අප වාර්තාකරුවන් සඳහන් කළහ.
මීට අමතරව මන්නාරම සිට කන්කසන්තරේ, ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර දිවයින වටා වන අනෙකුත් මුහුදු ප්‍රදේශ වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකි බව ද කාලගුණ නිවේදනයේ සඳහන්.
පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තරේ හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන වන මුහුදු ප්‍රදේශයේ සුළං වේගය විටින් විට පැ.කි.මී. 50 පමණ දක්වා ඉහළ යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ තරමක් රළු විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

No comments: