දෙමටගොඩ පුද්ගල පැහැර ගැනීමට සම්බන්ධ 6 දෙනා ම රිමාන්ඩ් - SANDHA HIRU NEWS

Breaking

Wednesday, December 23, 2015

දෙමටගොඩ පුද්ගල පැහැර ගැනීමට සම්බන්ධ 6 දෙනා ම රිමාන්ඩ්

දෙමටගොඩ ප්‍රදේශයේදී පුද්ගලයෙකු පැහැරගෙන යාම සම්බන්ධයෙන් සැකකරුවන් 6 දෙනෙකු ලබන 4 වන දා දක්වා අද රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.
ඒ සැකකරුවන් කොළඹ මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ය.
සැකකරුවන් අතර පාර්ලිමේන්තු මන්ත්‍රි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ ආරක්ෂක නිලධාරින් 5 දෙනෙකු ද වේ.
මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ, සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් භාරයට ගත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට අයත් ඩිෆෙන්ඩර් රථය තවදුරටත් කොළඹ අපරාධ කොට්ඨාශය භාරයේ තබන ලෙස ය.
ලබන 04 වන දා ඔවුන් හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.
සිද්ධියට අදාළ දර්ශන පෙළ පහතින්….

No comments: