ප්‍රබල එල්නිනෝ කාලගුණ තත්ත්වය හේතුවෙන් ලබන වසරේදී දරුණු නියං තත්ත්වයන් , ගංවතුර වැනි කාලගුණික ව්‍යසනයන් ඇති විය හැකි බව ඇමෙරිකානු නාසා ආයතනය පවසයි.
එම ආයනය සඳහන් කළේ, මෙය 1998 වසරේදී බලපෑ එල්නිනෝ තත්වයටත් වඩා ප්‍රබල විය හැකි බව ය.
එල්නිනෝ කාලගුණ තත්වය හේතුවෙන්, දැනටමත් උතුරු අර්ධගෝලය ආශ්‍රිත රටවල අසාමාන්‍ය උණුසුම් කාලගුණික තත්වයක් මෙන්ම, ගවංතුර තත්වයක් ද මතුව තිබේ.
එල්නිනෝ යනු?
එල්නිනෝ යනු පැසිෆික් සාගරයේ නැගෙනහිර පැසිෆික් සමකයට ආසන්නයේ පේරු දූපත් ආසන්න මුහුදේ උෂ්ණත්වය අසාමාන්‍ය ලෙස ඉහළ යාම ය.
එලෙස උෂ්ණත්වය අසාමාන්‍ය ලෙස ඉහළ යාමට හේතුව වන්නේ, නැගෙනහිරින් හමන සුළං ධාරාවේ වේගය අඩු වීම ය.
එහෙත් මෙලෙස සුළං ධාරාවේ වේගය අඩු වීමට හේතුව සොයා ගැනීමට විද්‍යාඥයින් අසමත් වී තිබේ.
අසාමාන්‍ය ලෙස උෂ්ණත්වය ඉහළ යාමෙන් ඇතිවන පීඩන අන්තරයේ වෙනස නිසා ගෝලීය සංසරණ රටාවේ ඇති වන වෙනස්කම් දක්නට ලැබේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ, ප්‍රබල එල්නිනෝ තත්වයක් ඇතිවුවෙහොත් මෙරට වැසි තත්ත්වයේ අඩු වීමක් ඇති විය හැකි අතර ඔක්තෝම්බර්, නොවැම්බර් හා දෙසැම්බර් වර්ෂාපතනය වැඩි වශයෙන් පවතින බව ය.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ, ප්‍රබල එල්නිනෝ තත්වයක් ඇතිවුවෙහොත් මෙරට වැසි තත්ත්වයේ අඩු වීමක් ඇති විය හැකි අතර ඔක්තෝම්බර්, නොවැම්බර් හා දෙසැම්බර් වර්ෂාපතනය වැඩි වශයෙන් පවතින බව ය.
කෙසේ වෙතත් ප්‍රබල එල්නිනෝ තත්ත්වයක් පැවතුණහොත් පමණක් එම තත්ත්ය මෙරටටට බලපාන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ අනූෂා වර්ණසූරිය මහත්මිය අවධාරණය කළේ ය.
No comments:
Post a Comment