JUST IN: විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට අදාළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය - SANDHA HIRU NEWS

Breaking

Wednesday, November 18, 2015

JUST IN: විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට අදාළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය


JUST IN: විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට අදාළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියවිධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සහ මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමට අදාළ ජනාධිපතිවරයාගේ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අද අනුමත කර තිබේ.
අමාත්‍ය මණ්ඩල රැස්වීම අවසානයේ අදහස් දක්වූ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ, ඒ සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සඳහා අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් අනුකමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව ය.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ අමාත්‍ය මණ්ඩලය රැස්විය.
ඒ ජනාධිපති කාර්යාලයේදී ය.

No comments: