ලෝකයේ වේගවත්ම රුවල් යාත්‍රාවක් මිරිස්ස වරායට - SANDHA HIRU NEWS

Breaking

Wednesday, November 18, 2015

ලෝකයේ වේගවත්ම රුවල් යාත්‍රාවක් මිරිස්ස වරායට


ලෝකයේ වේගවත්ම රුවල් යාත්‍රාවක් මිරිස්ස වරායටලෝකයේ වේගවත්ම රුවල් යාත්‍රා 5 අතරට අයත් ෂින්ඩාඕ 2 යාත්‍රාව ඊයේ මිරිස්ස ධීවර වරාය වෙත ළඟා විය.
චීනයේ සිට පැමිණි මෙම යාත්‍රාව ශ්‍රී ලංකාව හරහා ගමන් කරන්නේ ලෝ ප්‍රකට සේද මාවත නිරීක්ෂණය කරමිනි.
සිංගප්පූරුවෙන් චාරිකාව ආරම්භ කළ මෙම යාත්‍රාව ඉන්දියාව,ඊජිප්තුව සහ ඉතාලිය හරහා ගමන් කිරීමට නියමිත ය.
නෞකාවේ ගමනාත්තය වන්නේ ප්‍රංශයේ මොනකෝ නගරයයි.
පැයට කිලෝ මීටර් 72 වේගයෙන් ගමන් කළ හැකි ෂින්ඩාඕ 2 නෞකාව චීනයේ නිෂ්පාදනයකි.

No comments: