රජයේ නීතිපති ඩොලර් මිලියන ගණනකට විකිණේ? ගැනුම්කරු ගෝඨාබය රාජපක්ෂ! EXCLUSIVE - SANDHA HIRU NEWS

Breaking

Tuesday, November 17, 2015

රජයේ නීතිපති ඩොලර් මිලියන ගණනකට විකිණේ? ගැනුම්කරු ගෝඨාබය රාජපක්ෂ! EXCLUSIVE

ඉදිරියේදී තමන්ව හිර භාරයට පත්වීමට නියමිත ප්‍රධාන නඩු දෙකක කටයුතු අකර්මන්‍ය කර ගැනීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාබය රාජපක්ෂ විසින් රජයේ නීතිපති ඇතුළු එම දෙපාර්තුමේන්තුවේ ඉහලම නිලධාරියෙකු සඳහා ඩොලර් මිලියන ගණනක මුදල් හා විදේශ වත්කම් අල්ලස් වශයෙන් ප්‍රධානය කිරීම සඳහා වන රහස්‍ය ක්‍රියාන්විතයක තොරතුරු නිව්ස් බර්ඩ් වෙත ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ.
ඇමෙරිකාවේ ටෙක්සාස්හි ඇති රාජපක්ෂ පවුලේ එක් මහගෙදරකදී මේ පිළිබඳව වූ සාකච්චාව පවත්වා ඇති අතර ගෝඨාබය රාජපක්ෂ සිංගප්පුරුවේ සිට මේ සාකච්චාව සඳහා සම්බන්ද වී ඇත. ජනවාරි 8 බලය ඇල්ලීමේ කුමන්ත්‍රණයේ සිට මේ දක්වා වත්මන් නීතිපතිවරයා තමන් වෙත දැක්වූ රාජපාක්ෂිකත්වය මත මෙම ගනුදෙනුව සඳහා කටයුතු සම්බන්ධීකරණය සිදු වෙමින් පවතී.
ලසන්ත ඝාතනය, එක්නැලිගොඩ ඝාතනය, කීත් නොයාර් ඝාතනය, මාධ්‍ය ආයතවලට ක්ලේමෝ බෝම්බ ගැසීම ගිනි තැබීම, රවිරාජ් ඝාතනය, මහේෂ්වරන් ඝාතනය, රක්නා ලංකා හා ඇවන්ගාඩ් අවි ජාවාරම, සුදු වෑන් සංස්කෘතිය, ත්‍රස්ත නායක කේ.පී හුරතල් කිරීම, රතු පස්වල, කටුනායක, හලාවත අහිංසක නිරායුධ මිනිසුන් ඝාතනය මෙන්ම අවසන් සටනේ අවසන් දින කිහිපයේ ලුලා නැති වලට කනයා පණ්ඩිතයා වී සිදුකල මැකිය නොහැකි අනවශ්‍ය මානව අපරාධ සියල්ලක්ම සඳහා වගකිව යුතු හා වගවිය යුතු එකම ඝාතකයා වන්නේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාබය රාජපක්ෂයි.
මේ පිළිබඳව පසුගිය වසර තුන පුරා නිව්ස් බර්ඩ් ඔස්සේ අපි ඔබ වෙත කරුණු කාරණා ඕනෑවටත් වඩා තහවුරු කර ඇත්තෙමු. එහි ප්‍රතිපලයක් ලෙස බොහෝ දෙනා පැරදවීමට නොහැකියි කියූ රාජපක්ෂ රෙජීමය, ප්‍රජාතන්ත්‍රවාදය හා යුක්තිය ගරුකරන සියලු ශ්‍රී ලාංකිකයින් එක්ව පරාජය කරා පමණක් නොව, දෙවන වරටත් කුජිත කර දැන් මැදමුලනට එලවා දමා ඇත්තෙමු. දැන් එම පාපතර පිරිස සිපිරිගෙයට දක්කන කාලයයි. නමුත් යහපාලන ආණ්ඩුව අනවශ්‍ය ලෙස කාලය නාස්ති කරන ආකාරයක් පෙනෙන්නට ඇති නිසා මේ පිළිබඳව යලි මා හිතවත් ජනාධිපතිතුමාගේ හා අගමැතිතුමාගේ අවධානය පිණිස කරුණු කිහිපයක් සටහන් කිරීමට කැමැත්තෙමි.
රක්නා ලංකා හා ඇවන්ගාඩ් අවි ජාවාරම
ආරක්ෂක තොරතුරු විශ්ලේෂකයෙකු ලෙස මා වෙත මේ පිළිබඳව ලැබී ඇති තොරතුරු මෙසේය.
1. ඇවන්ගාඩ් ආයුධ ගබඩාවේ ගිනි අවි වලින් 95%ක් පමණ ගිනි අවියේ අංකය, අයිතමයන් ලෙස බලපත්‍රයේ උප ලේඛනයක් ලෙස ලියාපදිංචි වී නොමැත. මේ අනුව බලපත්‍රයක් ලබා දී තිබුනද ගිනි අවි පනත උල්ලංගනය වී ඇත. අදාළ පනතට අනුව ගිනි අවි පමණක් නොව ක්‍රියාන්විත මෙහෙයුම් සඳහා භාවිතා කරන සියලු උපකරණ ලැයිස්තු ගත වී බලපත්‍ර තිබිය යුතුය. (එක් එක් ආයුධ ගබඩාවක ඇති පතුරම් ගැබ් සංඛ්‍යාව, අවම පතුරම් ධාරිතාව, උපරිම පතුරම් ධාරිතාව, විශේෂිත ගිනි අවි, රොකට් ලෝන්චර්, කැනන් වර්ගයේ නාවික ගිනි අවි, මැෂින් තුවක්කු, ගුවන් යානා නාශක අවි, බර අවි, නවීන විදේශීය අවි ආයුධ පිලිබඳ කිසිදු අයිතමයක් රජයේ ලියාපදිංචි වී නොමැත. නාවික හමුදාවේ සන්නද්ධ ඩෝරා යාත්‍රාවකවත් නොමැති අවි බලයක් නීති විරෝධිව මුහුද මැද පවත්වාගෙන යාමට ඉඩ දුන්නේ කවුද ? පිළිතුර – ගෝඨාබය රාජපක්ෂ
2. අවසන් සටනේදී යුද හමුදාව හා නාවික හමුදාව විසින් එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්ගෙන්, මුහුදු කොටින්ගෙන් අත්පත් කර අවි ආයුධ සැලකිය යුතු ප්‍රමාණයක් යුද හමුදාව යලි ප්‍රයෝජනයට ගැනීම සඳහා 2010 වසරේ අලුත්වැඩියා ලදී. මේ අතර AK 47, T 56 අවි දස දහස් ගණනක් විය. නමුත් එම අවි ආයුධ 2010 මුල් භාගයේ ඇවන්ගාඩ් ආයුධ ගබඩාවන් වෙත inventory මගඩියකින් ගෝඨාබය විසින් යොමු කල බව දේශප්‍රේමී හමුදා නිලධාරීන්ගෙන් මා වෙත දැන ගැනීමට හැකි විය. ඉන් බොහොමයක් එරිතියානු මුහුදු සීමාවේදී නයිජීරියානු බොකෝ හරාම් ත්‍රස්ත කල්ලියට ඇවන්ගාඩ් විසින් විකුණා ඇති අතර ඇමෙරිකානු ආරක්ෂක දෙපාර්තුමෙන්තුවටද ඒ පිළිබඳව වාර්තා වී තිබුන බව ලොව ප්‍රකට Jane’s defense වාර්තාවක පලවී තිබුණි. නයිජිරියානු හමුදාවට හෝ බොකෝ හරාම් ත්‍රස්ත කල්ලියට අවි ආයුධ ජාවාරම් කිරීමට හෝ යුධ ශිල්ප ඉගැන්වීමට රටක රාජතාන්ත්‍රික භාවය, රටේ හමුදාවන්හි ගෞරවය පසක තබා ඇවන්ගාඩ් වැනි තුට්ටු දෙකේ කොම්පැනියකට ඉඩ කඩ ලබා දුන්නේ කවුද ? පිළිතුර – ගෝඨාබය රාජපක්ෂ
3. ඇවන්ගාර්ඩ් – රක්නා ලංකා ගිවිසුමට අනුව ජාත්‍යන්තර මුහුදේදී හා ලංකා මුහුදු සිමාවේදී ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩා වලට නාවික හමුදාව ආරක්ෂාව ලබා දිය යුතුය. මෙය අපේම මාළු අපේම ඇග පිට තබා කැපීමකි. ගෝඨාබයගේ මේ ජාවාරම්කාර ගිවිසුමට පෙර මෙම කර්තව්‍ය කරනු ලැබුවේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසිනි. එමගින් නාවික හමුදාව හරහා ශ්‍රී ලංකා රජයට ලැබුණු ඩොලර් මිලියන ගණනක් ඇවන්ගාඩ් වැනි තුට්ටු දෙකේ කොම්පැනියකට ලබා දුන්නේ කවුද ? පිළිතුර – ගෝඨාබය රාජපක්ෂ – එහි අරමුණ කුමක්ද ? තමන්ටද ඩොලර් මිලියන ගණනක් අත මිට මොලවා ගැනීමට හැකි නිසා නොවේද? නැතිනම් රටේ ජනතාව ගැන සිතලාද? මෙම ජාවාරමට සම්බන්ද වී සිටි හිටපු නාවික හා ආරක්ෂක අංශ ප්‍රධානීන්ගේ වත්කම් වහා පරික්ෂාවට ලක් කරන්න.
4. මේ වනවිට ගල්ෆ් මුහුදේ ශ්‍රී ලංකා ධජය නැංගුරම් ලා ඇති ඇවන්ගාඩ් කොම්පැනියේ තුන්වන පාවෙන අවි ගබඩා නවුකාව වන Seapol One වහාම නාවික හමුදාව යොදවා අත් අඩංගුවට ගන්න. මීට අමතරව ඇවන්ගාඩ් විසින් ශ්‍රී ලංකා රාජ්‍යයේ නාමය උකසට තබා දකුණු අප්‍රිකාවේ ටැන්සානියාවේ හා ඩර්බන් නගර වල මෙන්ම මොරිෂස් හා මස්කට් රාජ්‍යයන්ගේ ගොඩබිම පවත්වාගෙන යන අවි ගබඩාද වහාම පරික්ෂාකර නිසි පියවර ගන්න. ඇවන්ගාර්ඩ් සිද්ධිය නඩු නිමිත්ත්කට චෝදනා නැති බව කියා පරීක්ෂණ දෙපැත්තට අදින නීතිපති යුවන්ජන විජයතිලක වහාම ඉවත් කර එම කාර්ය වඩා කාර්යක්ෂමව කළහැකි රාජපක්ෂ ගැත්තෙක් නොවන පුද්ගලයෙක් පත් කර ගන්න. මීට අමතරව යල් පැනගිය ක්‍රම වේද හා කාලය මැරීම මේ පරීක්ෂණ සාර්ථක කර ගැනීම සඳහා බධාවන් වී ඇති බව පෙනේ. ඒ නිසා අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වසා දමා වැඩක් නැති බැවින් ජාතික ආරක්ෂාව පිලිබඳ මීට වඩා ජනාධිපතිවරයා ලෙස ඔබතුමා අවධානය යොමු කිරීම මැනවි.
ශානක ද සිල්වා
තවත් තොරතුරු ඉදිරියේදී බලාපොරොත්තු වන්න!

No comments: