රටම හිනැස්සූ සුනිල්ගේ මුවට සිනාවක් දෙන්න ඇමති ගයන්ත යයි - SANDHA HIRU NEWS

Breaking

Wednesday, November 18, 2015

රටම හිනැස්සූ සුනිල්ගේ මුවට සිනාවක් දෙන්න ඇමති ගයන්ත යයි

මේ වන විට දැඩි ලෙස රෝගාතුරව සිටින ප‍්‍රවීණ රංගධරයකු වන සුනිල් හෙට්ටිආරච්චි මහතාගේ සුවදුක් බැලීම සඳහා පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පෙරේදා රාත්‍රියේ හෙට්ටිආරච්චි මහතා වාසය කරන මාලිගාවත්ත නිවසට ගියේය. රෝගාතුරව සිටින සුනිල් හෙට්ටිආරච්චි මහතාගේ සුවදුක් විමසූ ඇමැතිවරයා තම ජීවිත කාලයෙන් වසර 30කට අධික තරම් වූ කාල පරාසයක් ශී‍්‍ර ලංකාවේ නාට්‍ය රසිකයන් වෙනුවෙන් සිය ජීවිතය කැප කල, හා රසිකයන් හිනැස්සු හෙට්ටිආරච්චි මහතාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළේය.
අමාත්‍යවරයා පවුලේ උදවිය සමග සුහද පිළිසරනකද යෙදුනු ඇමැතිවරයා පියාගේ ප්‍රතිකාර සඳහා භාවිතාවට ගන්නැයි මුදල් ආධාරයක්ද සුනිල්ගේ පුත්‍රයා අත තැබුවේය. පියාගේ සුවදුක් බැලීමට තම නිවසටම පැමිණීම පිළිබඳව තම කෘතඥතාවය පළකරන බව සුනිල් හෙට්ටිආරච්චි මහතාගේ දරු දැරියන් ඇතුලු පවුලේ උදවිය ඇමැතිවරයාට කියා සිටියහ.

No comments: