කුලියාපිටිය මැදි විදුහලේ පාතාල ගුටි කෙළියක් ! අත් කැඩුණු, සිරුරු කැපුණු සිසුන් රෝහලේ !! - SANDHA HIRU NEWS

Breaking

Wednesday, November 18, 2015

කුලියාපිටිය මැදි විදුහලේ පාතාල ගුටි කෙළියක් ! අත් කැඩුණු, සිරුරු කැපුණු සිසුන් රෝහලේ !!

ශ්‍රී ලංකාවේ අනාගතය භාරගැනී‍මට නියමිතව සිටින මෙරට අනාගත පරම්පරාව යහ ගුණ නුවණින් වැඩීම පසෙක තබා , තියුණු ආයුධ පවා යොදාගනිමින් ගහ මරාගන්නා පාතාලයින්ගේ තත්වය දක්වා පිරිහී ඇති බව මහත් කණගාටුවෙන් යුතුව වාර්තා කරන්නට අපිට සිදු වී තිබේ.
මෙහි ආසන්නතම සිදුවීම ඊයේ දිනයේ වාර්තා වූයේ කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයෙනි.
කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් කැපුම් තුවාලවලට සහ අස්ථි බිදීම්වලට ලක් වූ සිසුන් ති‍දෙනෙකු මේ වන විටකුලියාපිටිය මූලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිති.
කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයේදී ඊයේ පැවැති (17 ) තාක්ෂණික දිනය අතරතුර ලබා දුන් විවේක කාලයේදී එම විද්‍යාලයේ 12 සහ 13 ශ්‍රේණිවල ඉගෙනුම ලබන සිසුන් දෙපිරිසක් අතර මෙම ගැටුම ඇති වී ඇතැයි වයඹ ටුඩේ වෙබ් අඩවිය වෙත වාර්තා වෙයි. අදාළ ගැටුමට මුල් වී ඇත්තේ මෙම සිසුන් දෙපිරිස අතර ‍කලෙක පටන් පවතින ආරවුලක් බවද අප වෙබ් අඩවිය වෙත වැඩිදුරටත් වාර්තා වෙයි.
තියුණු ආයුධ සහ පොලු පවා භාවිතාකරමින් සිදු වී ඇති බවට සැකකළ හැකි මෙම ප්‍රහාරයෙන් තුවාල ලැබූ එක් සිසුවෙකුගේ හිසේ තුවාලටය් විවරය පියැවීමට වෛද්‍යවරුන් විසින් යෙදු මැහුම් ගණන අටක් බව කියැවේ. එම සිසුවා‍ගේම පපු ප්‍රදේශයට සහ දෑත්වලට එල්ල වූ ප්‍රහාරයන් හේතුවෙන් එම ස්ථාන තියුණු ලෙස කැපී ගොස් තිබේ. තවත් සිසුවෙකුගේ දකුණු අත බිදී ගොස් ඇති අතර ‍වෛද්‍යවරුන් විසින් එම අතට කර ඇති ප්‍රතිකාරයේ තරම අදාළ ප්‍රහාරයේ බරපතලකමද මැනවින් පෙන්වයි. අ‍නෙක් සිසුවාගේ දෑත්වල ඇගිලිද තියුණු ලෙස කැපී ගොස් තිබේ.
විශාල සිසුන් පිරිසක් එකවර වටකරගෙන පහරදීම හේතුවෙන්‍ තමන්ට කවුරුන් පහරදුන්නාදැයි නිශ්චිතව හදුනාගත නොහැකි බවද , කැපීම් සදහා භාවිතා කළේ කුමන ආයුධදැයි නොදුටු බවද රෝහල් ගත වී ප්‍රතිකාර ලබන සිසුහු කියති.
මෙම පහරදීමේ සිද්ධියට අදාළව කුලියාපිටිය පොලිසිය විසින් මේ වන විට පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, විද්‍යාලයේ ගුරුවරුන් සහ සිසුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගනිමින් අදාළ පහරදීම්වලට සම්බන්ධ සිසුන් හදුනාගැනීමට කටයුතු කරමින් සිටින බව පොලිසිය කියයි.
මෙම සිදුවීම පිළිබදව කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයේ විදුහල්පති සෝමපාල නාරායන මහතාගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ ඊයේ පැවැති තාක්‍ෂණික දිනය අතරතුර පෙරවරු 11.30 ට පමණ සිසුන් සදහා විවේක කාලයක් ලබාදුන් බවයි. ඒ අතරවාරයේ සිසුන් දෙපිරිසක් අතර මෙම ගැටුම ඇති වි තිබෙන බවත් ගුරුවරුන්ගේ මැදිහත්වීමෙන් සිසු ගැටුම සමථයකට පත් කළ බවද හෙ‍තෙම පැවසීය. ඒ වන විට තුවාල ලබා සිටි සිසුන් කිහිපදෙ‍නෙකු කඩිනමින් රෝහල් ගතකරවීමට අවශ්‍ය පියවර පාසල විසින් ගත් බවද හෙතෙම වැඩිදුරටත් කීය. කැපීම් තුවාල ලබා සිටින සිසුන් කුමන ආයුධයකින් කැපීමට ලක්වූවාදැයි මෙතෙක් අනාවරණය කරගත නොහැකි වී ඇති බවද විදුහල්පතිවරයා පැවසීය.
මෙම සිදුවීමේදී කියැවෙන දෑ පිළිබදව ඇසීමේදී අප බියට පත් විය යුතුදැයි, නැත්නම් හඩාවැටිය යුතුදැයි තීරණය කිරීම ඔබ සතු රාජකාරියකි. ඒ දෙ‍කෙන් කුමක් තෝරාගත් නමුත් අපිට නම් කියන්නට ඇත්තේ එකම දෙයක් පමණි.
ඒ , මේ විදිහට ගියොත් නම් අපේ රටේ අනාගත පරම්පරාවටත් අබ සරණයි කියාය !
cck_gutikeli2
cck_gutikeli3
cck_gutikeli4
cck_gutikeli5
cck_gutikeli1

උපුටා ගැනීම wayambatoday.com

No comments: