ආච්චි ලීයට කෙටූ පොරෝ පහර වැදී මාස 18 දරුවෙකු අවාසනාවන්න ලෙස මියයයි - SANDHA HIRU NEWS

Breaking

Wednesday, November 18, 2015

ආච්චි ලීයට කෙටූ පොරෝ පහර වැදී මාස 18 දරුවෙකු අවාසනාවන්න ලෙස මියයයි

ලීයට කොටද්දිම මැදට ආවලු
පසුගිය කාලය පුරාම වැඩිහිටියන්ගේ අනාරක්ෂිතබව නිසාවෙන් කුඩා දරුවන්ගේ ජීවිත රැසක් අකාලයේ මිලින වුණා.
මිනිත්තුවක දෙකක කෙටි කාලයකින් මෙවන් අනතුරක් වීමට ඉඩතිබෙන නිසා තමන් සමඟින් දරුවන් සිටින විට දෙමාපියන්ට වැඩි සැලකිල්ලක් දක්වන ලෙස දැනුවත් කර තිබුණත් ඒවා නොසලකා හැරීම හේතුවෙනුයි මෙවැනි අනතුරු වැඩි වශයෙන් සිදුවන්නේ. එලෙස අවාසනාවන්ත ලෙස සිදුවූ අනතුරකින් මාස 18ක දරුවෙකු මියගොස් ඇත්තේ මිත්තණියගේ පොරෝ පහරක් නිසාවෙනුයි.
මහියංගණය – දියකොබල – හතරෙ කණුව ප්‍රදේශයේදී අදාල කාන්තාව දර පලමින් සිටි ඇති අතර පොරෝවෙන් ලීයට වැරෙන් පහරක් එල්ල කරන අතර ඒ අතරට හිටිගමන් දරුවා පැමිණ තිබෙනවා.
එම අවස්ථාවේ මිත්තණියට කරකියා ගත නොහැකිව ඇති අතර ලීයට වැරෙන් එල්ලකර පහර ඇයට වලක්වාගත නොහැකිව තිබෙනවා.
එම පොරෝ පහරින් දරුවාගේ හිසට තුවාල සිදුවී ඇති අතර, දරුවා බිබිල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව බදුල්ල රෝහලට මාරු කිරීමෙන් පසුවයි මියගොස් ඇත්තේ.

No comments: