කෝට්ටේ ශ්‍රි නාග විහාරාධිපතිව වැඩ විසූ මාදුළුවාවේ සෝභිත හිමියන්ද ගංගොඩවිල සෝම හිමියන් ආකාරයටම නිහඩ කළාදැයි සැක සහිත බව සිංහල රාවය සංවිධානය පවසයි.
එම සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියෝ දෙහිවලදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මෙසේ කියා සිටියහ.
‘වසර කිහිපයකට කලින් සිදු වූ ගංගොඩවිල සෝම හිමියන් නිහඬ කරවීම හා සමානම සිදුවීමක් මාදුළුලාවේ සෝභිත හිමියන්ටද ක්‍රියාත්මක වූවාදැයි අපට ලොකු සැකයක් තිබෙනවා.
රජය විසින් දේහය පිළිබද ආදාහන කටයුතු පවා කලේ සෝභිත හිමියන්ගේ අන්තිම කැමැත්ත අනුව නෙමෙයි රජයට ඕන විදිහට. රජය එහෙම කළේ රජයේ කුණු වහගන්න. සෝභිත හිමියන්ගේ අපවත්වීම ගැන ලොකු සැකයක් තිබෙනවා. අවසන් කාල සීමාවෙදී මේ ආණ්ඩුවට එරෙහිව සෝභිත හිමියන් හඩ නැගුවා. එදා සෝම හාමුදුරුවන් නිහඩ කළාදෝ කියා සැකයි’
No comments:
Post a Comment