පුද්ගලයින් 132 දෙනෙකුට මරු කැඳවමින් ප්රංශයේ පැරිස් නුවරට එල්ලවූ ත්රස්ත ප්රහාරයේ සැලසුම්කරුවෙකු සොයා එරට පොලීසිය මෙහෙයුම් ආරම්භ කර තිබේ.
ප්රංශ පොලීසිය සඳහන් කළේ, පැරිස් නුවර ප්රහාරයේ අට වන සැකකරු වන ඔහු සිය සොයුරන් දෙදෙනෙකුට එම ප්රහාරය සැලසුම් කිරීමට උපකාර කළ බව ය.
බෙල්ජියම් ජාතික ,සාලේ අබ්දෙස්ලාම් නමැති ඔහුගේ වයස අවුරුදු 26කි.
බෙල්ජියම් බ්රසල්ස් නුවරදී උපත ලැබූ නමුත් එම පුද්ගලයා ප්රංශ ජාතිකයකු බව ප්රංශ බලධාරීන් සඳහන් කර තිබේ.
ඔහුගේ එක් සොහොයුරෙකු ප්රහාරයේදී බෝම්බ පුපුරුවාගනිමින් ජීවිතක්ෂයට පත්වූ එක් ත්රස්තවාදියකු වන අතර අනෙක් සොහොයුරා බෙල්ජියම් බලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
No comments:
Post a Comment