පැරිස් ප්‍රහාරයේ සැලසුම්කරුවන් සෙවීමට මුලු යුරෝපය ම ආවරණය වන පරිදි ආරක්ෂක මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
ප්‍රංශ බලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, දැනටම ත් ප්‍රහාරයට සම්බන්ධවුවන් පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය කර ගනෙ ඇති බව ය.
යුරෝපයේ ඩිස්නිලන්තය ශෝකාන්තයක් බවට පත් කරමින් පසුගිය දා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු දින තුනක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කෙරිණ.
ජනාකීර්ණ පැරීසිය පාළු නිහඬ පුරවරයක් බවට පත්වූයේ පසුගිය 13 වන දා එරට වේලාවෙන් රාත්‍රි 9.20ට ආරම්භ වී මධ්‍යම රාත්‍රිය දක්වා පුපුරා ගිය බෝම්බ වැළ ත් සමගිනි.
දැනට තහවුරු කර ඇති වාර්තාවලට අනුව පැරිස් ප්‍රහාරයෙන් පුද්ගලයින් 129 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 352 නෙක් තුවාල ලබා තිබේ.
තුවාල ලැබූවන්ගෙන් 99 කගේ තත්ත්වය බරපතළ බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
පැරිස් නුවර බැටර්ක්ලෑන් ක්‍රීඩාංගණය අසලදී මියගිය සංඛ්‍යාව 89කි.
ලාබෙලේ අවහන්හල අසළදී පුද්ගලයින් 19 දෙනෙකුට ජීවිත අහිමිවූහ.
ලා කැරිලන් සමාජ ශාලාව අසළදී ත්‍රස්ත ප්‍රහාරයට ගොදුරු වූ ජීවිත ගණන 15 කි.
කාසා නොස්ට්රා අවහන්හල ද 5 දෙනෙකුගේ සුසානයක් බවට පත් විය.
තැන තැන වැටි සටි පිරිස අතර ප්‍රහාරයට එක් වූ අටදෙනෙකු ද සිටි බව තහවුරු වී තිබේ.
ඉන් 7 දෙනෙකු මරාගෙන මැරෙන බෝම්බ කරුවන් ලෙස හඳුනා ගෙන තිබේ.
මේ පිරිස අතර සිටි එක් ප්‍රහාරකයෙක් සුඩාන විදේශ ගමන් බලපත්‍රයක් යටතේ සංක්‍රමණය වී ග්‍රීසියෙන් දේශපාලන රැකවරණය පැතු අයෙකි.
මියගිය අය අතර සිටි 29 හැවිරිදි තවත් ප්‍රහාරකයෙක් පැරිස් නුවරට කිලෝමීටර් 20 නුදුරින් පිහිටි ප්‍රදේශයක පදිංචිකරුවෙකු බව තහවුරු වී තිබේ.
ප්‍රහාරකයන් පැමිණි කුලි මෝටර් රථයක් ද මේ වන විට ආරක්ෂක අංශ විසින් සොයා ගනු ලැබ තිබේ.
බෙල්ජියමේදී ප්‍රහාරයට සම්බන්ධ බවට සැකකෙරෙන තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
IS ත්රස්තවාදීන් පැරිස් ප්‍රහාරයේ වගකීම භාරගෙන තිබේ.
පැරිස් ප්‍රහාරයත් සමග යුරෝපාකරය ත් ඇමෙරිකාව ත් රුසියාව ත් වතිකානුවත් ත්රස්තවාදයට එරෙහි හඩ යළි මුවහත් කළේ ය.
ම්ලේච්ඡත්වය පරාජය කිරීම උදෙසා ඔවුන් ඒකරාශිව සිටී.
ඒ නිසා ම ඇමෙරිකානු ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට, ලිබර්ටි ප්‍රතිමාවට ඉහළ අහස රතු සුදු සහ නිල් ප්‍රංශ ධජය වෙනුවෙන් වෙන්විය.
ඒ අනුව යමින් තවත් රටවල් ගණනාවක් ප්‍රංශ ශෝක කාලය සංකේතවත් කර තිබිණ.
ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ පැරිස් ප්‍රහාරය හෙළා දකිමින් නිවේදනයක් නිකුත් කර තිබූ අතර එහි සඳහන් වන්නේ මෙය ලෝක සාමයට එල්ල කළ ප්‍රහාරයක් බව ය.
මෙය තුන්වන ලෝක යුද්ධයකට මුල පිරීමක් ලෙස හඳුන්වන පාප් වහන්සේ ලෝකවාසි සියල්ලන් මෙම තීරණාත්මක මොහොතේ අන්තවාදී ප්‍රහාර පරාජය කිරීමේ වගකීම වෙනුවෙන් එක්විය යුතු බවට ඉල්ලීමක් ද කරයි.
No comments:
Post a Comment