වෙලේ සුදාට මරණ දඩුවම දෙන්න බැරි තත්වයක් !
වැලිකඩ බන්ධනාගාරයේ මරණ දඬුවම නියමවී සිටින මත්කුඩු ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කරන බවට ලද ආරංචියත් සමගම දැඩි ලෙස කම්පනයට පත්ව සිටින බව එම බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.
වැලිකඩ බන්ධනාගාරයේ අවසන් වරට මිනිසෙකු එල්ලා මරා ඇත්තේ 1976 ජුනි 23 දාය.
මරණ දඬුවම කි‍්‍රයාත්මක කිරිමට හැකි පුද්ගලයින් 19 දෙනෙකු හඳුනාගෙන ඇති බව කැබිනට් මාධ්‍ය හමුවේදී පසුගිය (11 දා) ප‍්‍රකාශ කෙරුණත් මේ වනවිට මරණ දඬුවම කි‍්‍රයාත්මක කිරිමට හැකි පුද්ගලයින් සංඛ්‍යාව 13 ක් බවයි බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.
කෙසේ නමුත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඩුවම ලබාදුනහොත් කුප‍්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සමන්ත කුමාර නොහොත් වෙලේ සුදාට මරණ දඬුවම ලබාදිය නොහැකි තත්වයක් උදා වී ඇති බව වාර්තා වෙයි.
No comments:
Post a Comment