අමෙරිකාවේ චිකාගෝ නුවර උද්ඝෝෂණයේ නිරත උද්ඝෝෂකයින් පිරිසක් හා පොලීසිය අතර ගැටුම් හටගෙන තිබේ.
ඒ, චිකාගෝ පෙලීසිය කළු ජාතිකයෙකු ඝාතනය කිරීමේ සිද්ධියකට විරෝධය පළ කරමින් පවැති උද්ඝෝෂණයක් අතරතුරදීයි. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ගිනිඅවියක් අතැතිව සිටි බව කියන පුද්ගලයෙකු පොලීසිය අතින් එලෙස ඝාතනයට ලක්ව ඇති බවයි.
150කින් පමණ සමන්විත උද්ඝෝෂකයින් පිරිස ඝාතකයින් යැයි, දොස් නගමින් පොලීසිය දෙසට විවිධ ද්‍රව්‍යවලින් දමා ගසමින් සහ පොලිස් රථ දෙසට කඩා පනිමින් සිද්ධියට විරෝධය පළ කර ඇති අතර පසුව එය දෙපාර්ශවය අතර ගැටුම්කාරී තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇත.
උද්ඝෝෂකයින් සමග ඇති වූ ගැටුම්වලින් පොලිස් නිලධාරීන් ද තුවාල ලබා ඇති අතර පසුව උද්ඝෝෂකයින් සිව් දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
ජීවිතක්ෂයට පත් පුද්ගලයාගේ අනන්‍යතාව හෙළි කර නොමැති අතර විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, අවුරුදු 30ක් පමණ වන පුද්ගලයෙකු එලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය නිකුත් කර ඇති ප්‍රකාශයේ දැක්වෙන්නේ දකුණු වෙරළ තීරයේ මුර සංචාරයේ නිරත පොලීසිය එහි සන්නද්ධ පුද්ගලයෙකු සැරිසරණු දැක ඇති බව ත් එහිදී පොලීසිය එම ස්ථානයට ළඟා වී ඇති බව ත් ය. පසුව පොලීසිය හා අදාළ පුද්ගලයා අතර ගැටුමක් හට ගෙන ඇති බව ත් අදාළ ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් ය.
සිද්ධියෙන් පසුව අදාළ ස්ථානයේ තිබී තුවක්කුවක් සහ උණ්ඩ පෙට්ටි දෙකක් පොලීසිය විසින් සොයා ගනු ලැබ ඇති බව විදෙස් වාර්තාවල වැඩිදුරටත් සඳහන් ය.
මේ අතර පසුගිය සමයේ පොලිස් ප්‍රහාරවලින් අමෙරිකානු කළු ජාතිකයින් කිහිප දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර එකී සිදුවීම්වලට එරෙහිව රට පුරා උද්ඝෝෂණ ද හට ගැනිණ.
No comments:
Post a Comment