ග්ලයිෆොසේට් තහනම ඉවතට - ජනපති දැනුවත් කර නැහැ - SANDHA HIRU NEWS

Breaking

Sunday, July 15, 2018

ග්ලයිෆොසේට් තහනම ඉවතට - ජනපති දැනුවත් කර නැහැ

රට පුරා සියලුම භෝග සඳහා පනවා තිබූ ග්ලයිෆෝසේට් තහනම පළිබෝධනාශක රෙජිස්ටාර් විසින් නිකුත් කරන ලද ගැසට් පත්‍රයක් මගින් ඉවත් කර තිබේ. 2015 වසරේ දී ගැසට් නිවේදනයක් මගින් රසායනික ග්ලෆෝසෙට් අඩංගු කෘමිනාශක

සඳහා නිකුත් කරන ලද සෑම බලපත්‍රක් ම අවලංගු කළ අතර පසුගිය 11වැනිදා නිකුත් කර ඇති මෙම නිවේදනය මගින් පනවා තිබූ තහනම මුළුමනින්ම අවලංගු කොට තිබේ.
කෙසේ වෙතත්  2015 වසරේදී සියලුම භෝග සඳහා පනවා තිබූ මෙම තහනම 2017 වසරේ අග භාගයේදී  වැවිලි අමාත්‍ය නවීන් දිසානායක මහතා විසින් තේ සහ රබර් සඳහා ඉවත් කළ අතර මෙම ගැසට් නිවේදනය මගින් සියලුම භෝග සඳහා පනවා තිබූ ග්ලයිෆොසේට් තහනම අවලංගු කොට තිබේ.
කෙසේ නමුත් ගල්යිෆොසේට් භාවිතයට අදාළ නිර්ණායක පැහැදිලි කරමින් ඉදිරියේදී ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට නියමිත බවත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත්තේ තේ සහ රබර් වගාවන් සඳහා පමණක් තහනම ඉවත් කිරීමට බවත් පළිබෝධනාශක රෙජිස්ටාර් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.
ග්ලයිෆෝසේට් තහනම ඉවත් කරන්නේ නම් ජනපතිතුමන්, අගමැතිතුමන් දැනුවත් කර කැබිනට් මණ්ඩලයේ අනුමැතියද ලබාගත යුතුව ඇත. එසේ නොමැතිව ග්ලයිෆෝසේට් තහනම ඉවත් කිරීම පිළිබදව පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියන් දැඩි විරෝධයක් දක්වනවා
ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරිමට රජය ගෙන ඇති තිරණය  බහුජාතික සමාගම් වල අවශ්‍යතා ඉටුකිරිමක් බවත්  රජය ගෙන ඇති මෙම තිරණයට එරෙහිව ගතහැකි සියලූ ක‍්‍රියාමාර්ග ගැනිමට ඉදිරියේදි බලාපොරොත්තු වන බවද උන්වහන්සේ සදහන් කලහ.
අදාල තිරණය සම්බන්ධයෙන් තමන් ජනාධිපතිවරයාගෙන් සහ කෘෂිකර්ම අමාත්‍යවරයාගෙන් විමසිමක් කල බවත් ඔවුන් මේ ගැන කිසිවක් නොදන්නා බවට පැවසු බවත් රතන හිමියෝ කීහ.
ගොවියාගේ සිට කැළණි ගගේන් ජළය පානය කරන සියලූම දෙනාට මෙම තත්වය බලපාන බැවින් රජයේ මෙම තීරණයට එරෙහිව එම සියලූම ජනතාව පෙලගස්වන බවද උන්වහන්සේ වැඩිදුරටත්  පැවසුහ.
මේ අතර ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරිම සම්බන්ධයෙන් රජයේ ප්‍රබලයන් රැසක්  විදෙස් සංචාරයක් සදහා ගොස් සිටින ජනපතිතුමන්ව දුරකථන මාර්ගයෙන් දැනුවත් කර ඇති අතර, ඒ දැනගත් වහාම ජනපතිතුමන් අද (15) සවස දුරකථන මාර්ගයෙන් කුෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා අමතා කරුණු විමසා එහිදී ප්‍රකාශකර ඇත්තේ වහාම මෙම තහනම යළි පණවන ලෙසයි.
ඒ් අනුව සියලු භෝග සඳහා ග්ලයිෆොසේට් භාවිතයට ලබාදුන් අවසරය හෙට (16දා) දිනයේදී යළි තේ සහ රබර් සඳහා පමණක් සීමා කර ගැසට් පත්‍රයක් නිකුත් කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
මාධ්‍ය වෙත අද (15දා)  අදහස් දක්වමින් මේ බව පැවසූ අමාත්‍යවරයා, ග්ලයිෆෝසේට් තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් විද්වත් කමිටුවක් පත් කළා. ඒ කමිටුවේ තීන්දුවක් අනුව ග්ලයිෆෝසේට් තහනම ඉවත් කරලා ගැසට් පත්‍රයක් පළ කරලා තියෙනවා. නමුත් සඳුදා වන විට නැවත ගැසට් පත්‍රයක් පළ වෙනවා. තේ සහ රබර් හැර අනෙකුත් භෝග සඳහා ග්ලයිෆෝසේට් තහනම තවදුරටත් පැවැත්වෙන ආකාරයට.  ඒ තුළින් තේ සහ රබර් වගා කරන අයට පමණක්  කෘෂිකර්ම අමාත්‍යංශයේ නිර්දේශ මත අවසර ලබා දෙනවා.
මේ සම්බන්ධයෙන් තේ සහ රබර්  වගා කරන අයගෙන් දැඩි ලෙස ඉල්ලීමක් තිබුණා. මේ තහනම ඉවත් කරන්න කියලා. විශේෂයෙන්ම මේ නිසා රබර් කර්මාන්තයටද බලපෑමක් ඇතිවූණා. ඒ අනුව විද්වත් කමිටුවකින් ආපු නිර්දේශ මත එම භෝග දෙකට තහනම ඉවත් කරන්න කටයුතු කළා යැයි පැවසීය

No comments: