අභාවප්‍රාප්ත ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය මහතාගේ අවසන් කටයුතු අද බොරැල්ල කනත්ත පොදු සුසාන භූමියේදී සිදු කෙරිණි.
අවසන් ගෞරව දැක්වීමට මැති ඇමතිවරු ඇතුළු විශාල පිරිසක් කොළඹ නෝරිස් කැනල් මාවතේ පිහිටි ඒ මහතාගේ නිවසට පැමිණියහ.
නිවසේ සිදු කළ ආගමික වතාවත්වලින් අනතුරුව පස්වරු 1.00ට අලුත්කඩේ අධිකරණ සංකීර්ණය වෙත දේහය රැගෙන ගියේ ය.
හේමන්ත වර්ණකුලසූරිය මහතා පසුගිය බදාදා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත විය.
ඒ වන විට 74 වන වියේ පසු වූ ඒ මහතා මෙරට නීතියේ ආධිපත්‍ය හා අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් විශිෂ්ට සේවාවක් ඉටු කළේ ය.
ජන මාධ්‍ය මගින් මෙරට නීතිය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ පුළුල් මෙහෙවරක නිරතව සිටි වර්ණකුලසූරිය මහතා අසාධාරණයට හා අයුක්තියට එරෙහිව ප්රබලව සටන් කළ නීතීඥවරයෙකි.
ඒ මහතාගේ ආදාහන කටයුතු අද බොරැල්ල කනත්ත පොදු සුසාන භූමියේදී සිදු කෙරුණේ, නීති ක්ෂේත්රයේ ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක ප්‍රභූන් රැසකගේ සෝසුසුම් මධ්‍යයේ ය.
No comments:
Post a Comment