කන්තලේ 97 ප්රදේශයේදී වලසෙකු පහර දීම හේතුවෙන් පුද්ගලයින් සිව්දෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
ඔවුන් සිව්දෙනා ම මේ වනවිට සිටින්නේ, දැඩි සත්කාර ඒකකයේයි.
අද අලුයම 4ට පමණ ආගමික සඳහා දේවස්ථානයට ගිය පුද්ගලයෙකු කන්තලේ 97 ප්රදේශයේ සිරාජ් නගර්හිදී වලසෙකුගේ පහර දීමටට ලක්වූ අතර ඉන් පසු තවත් පුද්ගලයින් තිදෙනෙකුටම එම වලසා හානි කර ඇතැයි වාර්තා වේ.
ඔවුන් මේ වනවිට ප්රතිකාර ලබන්නේ කන්තලේ මූලික රෝහලේ සහ ත්රිකුණාමලය මූලික රෝහලේ දැඩි සත්කාරක ඒකකවලයි.
වලසාගෙන් සිරාජ් නගර් ප්රදේශයේ වෙළඳසලකට ද දැඩි හානි සිදුව තිබේ.
මේ අතර කන්තලේ වන ජීවී නිලධාරින්ගේ මූලිකත්වයෙන් අද දහවල් එම වලසා සොයා මෙහෙයුම් ක්රියාත්මක වූයේ වෙන්රාසපුරම් වැව් රක්ෂිතයේදීයි.
එහිදී වලසා සොයා ගැණුනු අතර වනජීවී නිලධාරින්ට ද එම වලසා හානි කිරීමට උත්සහා දැරීමේදී සත්ත්වයාට වෙඩි වැදී තිබේ.
අප වාර්තාකරු සඳහන් කළේ, වෙඩි වැදුණු වලසා ගිරිතලේ වන ජීවී කාර්යාලය වෙත රැගෙන යන අතරතුර මිය ගිය බවයි.
එම සත්ත්වයා ජලභීතිකා රෝගයෙන් පෙළී ඇති බවට පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණය වී ඇතැයි ද අප වාර්තාකරු පැවසී ය.
No comments:
Post a Comment