අපරාධ රැසකට සම්බන්ධ බව කියන සම්පත් චාමර හෙවත් ආමි සම්පත් නැමැත්තා අද දහවල් පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබිණි.
පොලීසිය පැවසුවේ ඔහු ප්රශ්න කිරීම සඳහා ත්රස්ත විමර්ශන ඒකකයට යොමු කර ඇති බව ය.
පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී රංජිත් පෙරේරා මහතා පැවසුවේ සම්පත් චාමර නැමති අදාළ සැකකරු කොම්පඤ්ඤ වීදිය ප්රදේශයේ සිටින බවට ලද තොරතුරු අනුව එහි ගිය කණ්ඩායමක් ඔහු අත්අඩංගුවට ගත් බව ය.
සැකකරු සමඟ ඔහුගේ බිරිඳ ද අත්අඩංගුවට ගෙන ඇති අතර පිස්තෝලයක් ද එහිදී පොලීසිය භාරයට ගෙන තිබේ.
පසුගිය මැතිවරණ සමයේ බ්ලූමැන්ඩල් ප්රදේශයේදී එක් අයෙකුට මරු කැඳවමින් සිදුකළ වෙඩි තැබීම සම්බන්ධයෙන් ආමි සම්පත් නමැත්තා සැක කෙරිණි.
මේ අතර භාරත ලක්ෂ්මන් ඝාතන සැකකරුවෙකු වන දෙමටගොඩ චමින්ද නැමැත්තා බන්ධනාගාර බස් රථයකින් රැගෙන යමින් සිටියදී දෙමටගොඩදි වෙඩි තබා ඝාතනය කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් ද ඔහු සැක කෙරේ.
No comments:
Post a Comment