තව ත් පුද්ගලයින් 750 දෙනෙකුට ද්විත්ව පුරවැසිභාවය ලබා දීමට රජය තීරණය කර තිබේ.
ආගමන විගමන පාලක ජනරාල් එම්.එන්. රණසිංහ මහතා සඳහන් කළේ, යොමු කර ඇති ඉල්ලුම් පත් සලකා බලා ද්විත්ව පුරවැසිභාවය ලබා දීමට පියවර ගෙන ඇති බව ය.
ආගමන විගමන පාලක ජනරාල්වරයා සඳහන් කළේ, මේ වන විට පුද්ගලයින් 3500 දෙනෙකුට ද්විත්ව පුරවැසිභාවය ලබා දී ඇති බව ය.
නවතා දමා තිබූ ද්විත්ව පුරවැසිභාවය ලබා දීම පසුගිය වසරේ මාර්තු මාසයේදී නැවත ආරම්භ කෙරිණි.
ද්විත්ව පුරවැසිභාවය ලබා දීමේ උත්සවය අද පෙරවරුවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වීමට නියමිත ය.
No comments:
Post a Comment