නොවැම්බර් මාසයට සාපේක්ෂව දෙසැම්බර් මාසයේ වාහන ලියාපදිංචිය 5,000කින් පමණ පහළ ගොස් ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.
එහි කොමසාරිස් ජෙනරාල් ජගත් චන්ද්‍රසිරි මහතා පසුගිය පැවසුවේ, පසුගිය දා සිදුවූ වාහන මිල සංශෝධනය ඊට හේතුවී ඇතැයි විශ්වාස කරන බව ය.
ඉදිරි මාස තුන තුළ වාහන ලියාපදිංචියේ හැසිරෙන ආකාරය පිළිබඳ සලකා බලා ඒ පිළිබඳ නිශ්චිත තීරණයකට එළැඹිය හැකි බව ද ඔහු සඳහන් කළේ ය.
පසුගිය වසර තුළදී යතුරුපැදි 370,000 අධික සංඛ්‍යාවක් ලියාපදිංචිවී ඇති බව ද ඔහු සඳහන් කළේ ය.
No comments:
Post a Comment