බලෙන් උස්සන් දුවලා බිස්නස් කරන අයෙකුට විකුණලා
රටපුරා සිදුවන අපරාධයන් පිළිබඳව පසුගිය කාලයපුරා CCTV ඔස්සේ අනාවරණය කරගත හැකි වුණා. ඒ අයුරින් සිදුවූ තවත් සොරකමක් සම්බන්ධයෙන් මේ වන විට අනාවරණය කරගෙන පොල්ගස්ඕවිට ප්‍රදේශයේදී කාන්තාවකගේ රන් මාලයක් කොල්ලකෑමට උත්සාහ කළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට කහතුඩුව පොලිසිය සමත්වී තිබෙනවා.
සැකකරුවන් සිදු කළ තවත් එවැනි කොල්ලකෑම් කිහිපයක් පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමට පොලිසියට හැකි වුණේ ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී.
මෙම කොල්ලකරුවන් බස්නාහිර පළාතේ පොලිස් වසම් 10 ක රන් මාල 32 ක් කොල්ල කා ඇති බව පරීක්ෂණවලදී අනාවරණ වුණා. එක් එක් ප්‍රදේශවලින් සොරා ගන්නා ලද යතුරු පැදි භාවිත කර රන්මාල කොල්ලකෑම සිදුකර ඇති අතර පසුව එම යතුරු පැදි සැකකරුවන් විසින් විවිධ ස්ථානවල දමා ගොස් තිබෙනවා.
මේ පිළිබදව සිදු කළ විමර්ශනවලදී අදාළ කොල්ලකරුවන් විසින් මහරගම, මහල්අරාව ප්‍රදේශයේ මාර්ගයකදී විශ්වවිද්‍යාල ශිෂ්‍යාවකට පහරදී රන් මාලයක් කොල්ලකන ආකාරය දැක්වෙන ආරක්ෂිත කැමරා දර්ශන පෙළක් මහරගම පොලිසිය විසින් කහතුඩුව පොලිසිය වෙත ලබා දී තිබෙනවා.
ප්‍රශ්න කිරීමේදී සැකකරුවන් ප්‍රකාශ කර ඇත්තේ කොල්ලකන ලද රන්මාල බණ්ඩාරගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට විකුණා ඇති බවයි. පසුව කහතුඩුව පොලිසිය මගින් අදාළ ව්‍යාපාරිකයාද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
No comments:
Post a Comment