අනියම් ලිංගික ඇසුරක් නිසා ලාංකික කතකට ගල්ගසා මරා දැමීමට නියෝග - SANDHA HIRU NEWS

Breaking

Wednesday, November 18, 2015

අනියම් ලිංගික ඇසුරක් නිසා ලාංකික කතකට ගල්ගසා මරා දැමීමට නියෝග

අනියම් ලිංගික ඇසුරක් පැවැත් වූ බවට වරදකාරිය වූ ශ‍්‍රී ලාංකික ගෘහ සේවිකාවක් ගල් ගසා මරා දැමීමට සෞදි අධිකරණයක් නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මරදාන ප‍්‍රදේශයේ පදිංචි විවාහක කාන්තාවකට මෙලෙස දඬුවම් නියම වී ඇත.
සෞදියේ සේවය කරන තවත් ශ‍්‍රී ලාංකිකයෙකු සමග ඇය අනියම් ඇසුර පවත්වා ඇත. එම තරුණයාට ද සෞදි අධිකරණය විසින් කස පහර 100 ක් නියම කර තිබේ.
තමන්ට එරෙහි චෝදනාව සම්බන්ධයෙන් අදාළ කාන්තාව අධිකරණයේ දී වරද පිළිගෙන ඇතැයි වාර්තා වේ.
ඇයට නියම කෙරුණු දඬුවම ලිහිල් කර ගැනීම සඳහා විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය සෞදි රජයෙන් ඉල්ලීමක් කර ඇත.

No comments: